නියෝජ්‍ය අමාත්‍යවරය මේ බව ප්‍රකාශ කළේ, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමිනි. අද (24) විවාදයේ දෙවැනි දිනයයි.
තොරතුරු දැනගැනීමේ පනතක් තිබිය යුතුයි කියලා සැහෙන කාලයක් ගෙන ගිය සටහනක්.තොරතුරු දැනගැනීමේ අයිතිය පනතට ජනමාධ්‍ය,සිවිල් සමාජය,සියලු දෙනා උදව් වුණා.පක්ෂ විපක්ෂ සියලු දෙනාගේම තොරතුරු දැනගැනීමේ අයිතිය ජනතාවට දිය යුතුයි.
යටත් විජිත සමයේ ජනතාවට තොරතුරු නොදෙන්න හේතු තිබුණා. දැන් ජීවත් වෙන්නේ ඒ සමයේ නොවේ.අපි නිදහස ලබලා දසක හයකට වැඩියි.පුරවැසියාට අයිතිය තිබිය යුතුයි පුරවැසියාගේ රජයක තොරතුරු දැනගැනීමට.දකුණු ආසියාවේ රටවල්වල,හැම රටකම තොරතුරු දැනගැනීමේ පනතක් තිබෙනවා. මේ අයිතිය අපි ලබාදීම ප්‍රමද කළා. ඒ ගැන දුක් විය යුතුයි.
මෙය විශාල පිම්මක්.ස්වාධීන කොමිෂමක් පත් කරන්න බලාපොරොත්තු වෙනවා. කොමිෂමට පුළුවන් රෙගුලාසි ගේන්න.පුරවැසියාට තවත් නීතිමය ආවරණයක් තිබෙනවා. ශක්තිමත් කරන්න නොයෙක් ක්‍රමවේද තිබෙනවා. මෙය ක්‍රියාත්මක වෙන්න නම්,අපේ මානසිකත්වය වෙනස්කළ යුතුයි. තොරතුරු නොදෙන මානසිකත්වයක් තිබෙන්නේ.රාජ්‍යකරණය විවෘත කරන්නට නම් එය තේරුම් කරගත යුතුයි.මේ සඳහා රාජ්‍ය ක්‍රමවේදයක් අවශ්‍යයි.රාජ්‍ය ආයතන ව්‍යුහය වෙනස් කළ යුතුයි යැයි ද අමාත්‍යවරයා පැවසීය.