නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තොරතුරු දැනගැනීමේ පනත මඟින් සංවර්ධන,ආර්ථික ඉලක්ක යහපාලන මූලධර්ම මත ඉදිරියට ගෙන යා හැකියි

    ජූනි 24, 2016

    තොරතුරු දැනගැනීමේ පනත මඟින් අපේ සංවර්ධන ඉලක්කයන්,ආර්ථික ඉලක්කයන් යහපාලන මූලධර්ම මත ඉදිරියට ගෙන යාමට වාතාරණයක් සැකසෙනවා යැයි මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය අමාත්‍ය පාඨලී චම්පික රනවක මහතා පවසයි.


    අමාත්‍යවරය මේ බව ප්‍රකාශ කළේ, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමිනි. අද (24) විවාදයේ දෙවැනි දිනයයි.


    මේ යුගය සාකච්ඡා කරන්නේ තොරතුරු සන්නිවේදන යුගය හැටියටයි.එහි වැදගත්ම කාරණය තිබෙන්නේ කරුණු දෙකක් මතයි.එකක් සන්නිවේදය. අනෙක තොරතුරු ගබඩා කිරීම.ඉදිරි කාලයේ අතිවිශල විප්ලවයක් සිදු වීමට නියමිතයි. මේ වනවිට ජානමය දත්ත ගබඩා කරන්නේ කොහොම ද ?, රසායනික වශයෙන් දත්ත ගබඩාකරන්නේ කොහොමද කියන කාරණය ගැන පරීක්ෂණ සිදු කරගෙන යනවා.දත්ත ගබඩා කිරීම පිළිබඳ දැවැන්ත පරිවර්ථනයක් සිදු වෙනවා.

     

    වසර 2010 දී අලුත් තත්ත්වයක් සිදු වුණා. ඒ තමයි සයිබර් අවකශය. එයත් විප්ලවයක් සිදු වෙනවා. එය නව කාර්මික විප්ලවය නමින් හඳුන්වන සුහුරු ලෝකය,ස්මාර්ට් සිටිසන්,සුහුරු නගරය, සුහුරු රටක් දක්වා ගමන් කරමින් සිටිනව.එවැනි ලෝකයයි, අපි මෙය වසර 20ක් සංවාද කර සම්මත කරගැනීමට යන්නේ. නව යුගය තුළ පැරණි ලෝකය බිදවැටෙමින් තිබෙනවා.අද ෆේස්බුක් ට්වීටර් හරහ පත්‍රකලාවේදියෙක් වෙන්න හැකි වී තිබෙනවා.මේ සියල්ල තුළ සීමාමායිම් ක්‍රමයෙන් දිය වී යමින් සිටින අවස්ථාවක පනත ගෙනැවිත් තිබෙන්නේ.19 සංශෝධනයේ තොරතුරු දැනගැනීම මූලික මිනිස් අයිතිවාසිකමක් ලෙස පිළිගත්තා.

    මේ පනතින් රජය යම්කිසි ප්‍රමාණයකට විවෘත වෙනවා. ජාතික ආරක්ෂාව පිළිබඳ කාරණය වැනි දේට සීමා පනවන්න සිදු වෙනවා. මෙය වෙනත් පෞද්ගලික සමාගම්වලට ඇයි සම්බන්ධ නොවෙන්නේ.ආණ්ඩු පමණක් නොවේ රටවල් පාලනය කරන්නේ, පෞද්ගලික අංශයත් මැදිහත් වෙනවා.රජයේ ජාතික රූපවහිනියේ පමනක් නොවේ විනිවිධභාවය බලන්න අවශ්‍ය ,පෞද්ගලික අංශයේ මාධ්‍ය තුළත් මොකක්ද කියලා බලන්න ඕන.රජයේ ව්‍යාපාර පමණක් නොවේ පෞද්ගලික ව්‍යාපාර ගැනත් බලන්න ඕන.

     

    මේවා ගැන ජනතාවට දැනගන්න අයිතියක් නැද්ද? පැහැදිළි අයිතියක් තිබෙනවා.මේවා සොයාබැලිය යුතුයි.  වාර්තා කළ යුතුයි.ආණ්ඩුව ගැන පමණක් නොවේ කතා කළ යුත්තේ මේවාට සම්බන්ධ පිරිස් ගැනත් කතාකළ යුතුයි. ඇතැම් පුද්ගලික සමාගම්, ඇතැම් පුද්ගලයෝ ධනය පිටරට ගෙනියනවා පමණක් නොව, ධනය රට ඇතුළේ වංචනිකව ආයෝජනය කරනවා පමණක් නොවේ,රට ඇතුළේ මාධ්‍ය අධිකාරි තබාගෙන රට හසුරුවන්න හදනවා. මේ තොරතුරු දැනගැනීමේ පනත මඟින්රාජ්‍ය ආයතනවල තොරතුරු දැනගන්නවා වගේම,ඊළඟ පියවරට පෞද්ගලික ආයතනවල ක්‍රියාකාරීත්වය සොයා බලන්න අවශ්‍යයි.

     

    අපිත් තොරතුරු දැනගැනීමේ පනත මඟින් පුද්ගලික නිදහසට මුවා වෙලා පොදු දේපළ කොල්ල කෑම, රටේ ධනය පිටරට ගෙනයාම,බදු නොගෙනවා මේ රටින් ධනය ඉවත් කරගැනීම වැනි කාරණා සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතුයි. පාරදෘශ්‍ය ලෝකයක අත්‍යාවශ්‍ය දෙයක් තමයි අපේ මූලික අයිතිය, අපේ ආර්ථික අයිතිය,  දේශපාලන අයිතිය තහවුරු කරගැනීමට නම්,සෙසු සෑම කෙනෙකුගේම අයිතිය රැකගැනීමට හැකියාව ලැබේවි. එසේ වුණා නම්,ශක්තිමත් රටක් ලෙස ඉදිරියට ගෙනයන්න පුළුවන්.සුහුරු ලෝකයට අපි ඇතුළ්වීමට අවශ්‍ය නම්,තොරතුරු දැනගැනීමේ පනත මඟින් වාතාරණයක් සැකසෙනවා.එමෙන් ම හැකියාව ලබෙනවා අපේ සංවර්ධන ඉලක්කයන්,ආර්ථික ඉලක්කයන් යහපාලන මූලධර්ම මත ඉදිරියට ගෙන යාමට යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya