නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ක්ෂේත්‍රය පිළිබඳව විශේෂඥ දැනුමක් ඇති නිලධාරීන් පත් කරගත යුතුයි- අමාත්‍ය සරත් අමුණුගම

    ජූනි 24, 2016

    තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත ක්‍රියාත්මක කිරීමට තෝරාගන්නා නිලධාරීන් ක්ෂේත්‍රය පිළිබඳව විශේෂඥ දැනුමක් ඇති අය පත් කරගත යුතු බව විශේෂ ව්‍යාපෘති අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි.

    අමාත්‍යවරය මේ බව ප්‍රකාශ කළේ, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමිනි. අද (24) විවාදයේ දෙවැනි දිනයයි.


    අද ලෝකයම මූල්‍යමය කටයුතු සිදුවන්නේ නව තාක්ෂණය හරහායි. අද අලුත් ක්ෂේත්‍රය  ගැන දැනුමක් තිබිය යුතුයි. මූල්‍ය ක්ෂේත්‍රය ගැන විශේෂඥයෝ මදියි. ත්‍රස්තවදී කටයුතුවල මුලම තියෙන්නේ මුදල් ගණුදෙනු. මේවා සොයා බලන්න හරිම අමාරුයි.


    නික්සන් ජනාධිපතිවරණයේ දී වෝටර් ගේට් සිද්ධිය, මූල්‍ය ක්ෂේත්‍රය ගැන පරික්ෂා කළා. මුලින්ම යොමු කරන්න මුදල් ක්ෂේත්‍රය ගැන.  මේ ක්‍රමය යටතේ නෛතික බලයක් ලැබෙනවා. මෙය අවශ්‍ය දෙයක්. නීතිවිරෝධීව අපේ රටේ මුදල් පිටරට යෑම ගැන ගැඹුරින් සොයා බැලිය යුතුයි. මූල්‍ය හුවමාරුව ගැන අවධනය යොමු කළ යුතුයි. ලෝකය අවධානය යොමු කර තිබෙනවා. මේ පනත තුළ ඒ ලෙස සම්බන්ධ හෝ සම්බන්ධ නොවන ආයතනවලින් කරුණු අහන්න. කොමිෂම හා ප්‍රවෘත්ති නිලධාරීන් පත් කරනකොට විශේෂඥ දැනුවත් වීම අවශ්‍යයි.

     

    මෙය වැදගත් වෙන්නේ, ප්‍රවෘත්ති නිලධාරීන් පත් කරනකොට සාම්ප්‍රදායිකව කරලා බෑ. ක්ෂේත්‍රය පිළිබඳව දැනුමක් තිබෙන ප්‍රවෘත්ති නිලධාරීන් පත් කරගත යුතුයි. අද මුදල් හුවමාරුව කරන්නේ නව තාක්ෂනය අනුවයි.සයිබර් අපරාධ ගැන අවධානය යොමු කළ යුතුයි. මුළු සමාජයේ අවධනය යොමු කළ යුතුයි. දැනුම තිබෙන නිලධාරීන් පත් කළ යුතුයි යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya