නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දෙවැනි හෘද ශෛල්‍යාගාරය ළමා රෝහලට

    ජූනි 24, 2016

    දෙවැනි හෘද ශෛල්‍යාගාරය ළමා රෝහලේ ආරම්භ කළ බවත් පොරොත්තු ලේඛනය අනුව අනෙකුත් රෝහල්වලද හෘදරෝග ඒකක හදුන්වාදීමේ වැඩපිළිවෙළ අරම්භ කර තිබෙන බව සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය  වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

     

    වසර 2010 සිට කරාපිටිය රෝහලේ දිනකට සිදු කරන හෘද සැත්කම් සංඛ්‍යාව පහත වැටී නති බවත් දිනකට සිදු කරන සැත්කම් ප්‍රමාණය ඉහළ නංවීමට දිරි දීමනා ක්‍රමයක් ක්‍රියාත්මක බවද අමාත්‍යවරයා පැවසීය.

    වසර 2015 දී සිදුකරන ලද හෘද සැත්කම් ප්‍රමාණය 947ක් 2015 වසරේ පොරොත්තු ලේඛනයේ සිටින හෘද රෝගීන් සංක්‍යාව 1306කි.දෙවැනි ශෛල්‍යාගාරය ළමා රෝහලේ ආරම්භ කරනවා.පොරොත්තු ලේඛනය අනුව අනෙකුත් රෝහල්වලද හෘදරෝග ඒකක හදුන්වාදීමට බලපොරොත්තුවන බව අමාත්‍යවරයා පැවසී ය.

    අමාත්‍යවරයා මේ බව අද (24) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා යොමු කළ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya