නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තොරතුරු දැනගැනීමේ පනත ප්‍රජතන්ත්‍රවාදය ශක්තිමත් වූ ගමනකට ආශිර්වාදයක්

    ජූනි 23, 2016

    තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත ප්‍රජතන්ත්‍රවාදය ශක්තිමත් වූ  ගමනකට ආශිර්වාදයක් බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය චන්දිම ගමගේ මහතා පවසයි.

    තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමින් අද (23) පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

    මෙය හොඳ ආරම්භයක්. අපි ජාතික රජයක් පිහිටුවා ජාතියක් වෙනුවෙන් ඉටුකරන කටයුත්තක්. මෙය ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වූ ගමනකට ආශිර්වාදයක් ලබාදෙනවා.ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය පත් කළේ අපේ රටයි එහෙත් තොරතුරු දැනගැනීමේ පනත සම්මත කරගන්නා අවසන් රටක්.අපි මේ පනත මීට පෙර සම්මත කර ගැනීමට නොහැකි කාරණා සාකච්ඡා කළා.

    අද ප්‍රධාන දේශපාලන ප්‍රවාහයන් දෙක එකතු වෙලා ජනතාව ඉල්ලා සිටින, ප්‍රජාතන්ත්‍රවාදය,යහපාලනය සක්‍රීයව ක්‍රියාත්මක කරන්න  අවශ්‍ය වූ පනතක් ගෙන ඒමට හැකි වූ බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya