අමාත්‍යවරයා, මේ බව අද (23) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදයේ අඳහස් දක්වමිනි.
ජනතාවගේ අයිතීන් ශක්තිමත් කරන පදනමේ සිට මේ පනත පාර්තිමේන්තුවට ඉදිරිපත් කරනවා. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් විශ්වාසය තබා තිබෙනවා. දූෂණ, වංචාවන් සම්බන්ධයෙන් රටේ ජනතාවට මේ හරහා තොරතුරු දැනගැනීමට හැකිවෙනවා.
ජනතාවගේ අයිතීන් ආරක්ෂා කෙරෙනවා. නොයෙකුත් අවස්ථාවල දී මේ පනත ඉදිරිපත් කරන්න නොහැකි වුණා. වත්මන් කතානායකවරයා 2011 වසරේ දී පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් වශයෙන් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ද ඒ හඩට ඇහුම්කම් නොදී පනත පරාජය කරන්න එදා රජය කටයුතු කළා.
ඒ රජය මේ ජනතාවගේ අයිතීන් පැහැර හැර තිබෙනවා. මේ තොරතුරු දැනගැනීමේ අයිතිය ජනතාවට තිබෙන බව තහවුරු කරන්නට අපි පියවර ගෙන තිබෙනවා. වත්මන් කෙටුම්පත තුළින් ඉතාම ශක්තිමත් පදනමක් රටේ ජනතාවට ලබාදී තිබෙනවා.
තම අනාගතය පිළිබඳ ශක්තිමත් විශ්වාසයක් ගොඩනඟා ගන්නට ජනතාවට හැකි වෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ඉදිරියෙන්ම සිටි ශ්‍රී ලංකාවට මේ පනත සම්මත කිරීම සඳහා කාලයක් ගතවීම සම්බනධයෙන් කණගාටු වෙනවා. අද ඉදිරිපත් කරන පනත ඉතාම ශක්තිමත් පනතක් ලෙස ජනතාව භාවිතා කරයි විශ්වාස කරනවා. පනත් කෙටුම්පත සෑදීමේ දී සියලු කරුණු සම්බන්ධයෙන් අධ්‍යනය කර තිබෙනවා. මේ පනතින් රටේ ආරක්ෂාවට තර්ජනයක් ඇතිවන්නේ නැහැ යැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.