නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් රැකගැනීමට නම් තොරතුරු දැනගනීමේ අයිතිය තිබිය යුතුයි

    ජූනි 23, 2016

    ජනතාවට ප්‍රතිඵලදායි ලෙස තම ස්වාධිපත්‍ය රැකගන්නට,ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් රැකගැනීමට නම් තොරතුරු දැනගනීමේ අයිතිය තිබිය යුතු බව විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා පවසයි.

    විපක්ෂනායකවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (23) පාර්ලිමේන්තුවේ දී තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදයේ අඳහස් දක්වමිනි.


    ජනතා පරමාධිපත්‍ය රැකීමට මෙය ඉතාම වැදගත් වන කාරණයක්.ජනතාව යම් ප්‍රතිඵලදායි ලෙස තම ස්වාධිපත්‍ය රැකගන්නට නම්,ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් රැකගැනීමට නම් ඔවුන්ට තොරතුරු දැනගනීමේ අයිතිය තිබිය යුතුයි.

    රටේ සිදුවන සියලු දේ පිළිබඳව දැනගැනීමට අයිතිය තිබිය යුතුයි.විශේෂයෙන් ම පාලනය පිළිබඳ තොරතුරු දැනගැනීමේ අයිතිය ජනතාවට තිබිය යුතුයි. සමහර කාරණාවලදී ප්‍රයෝගික නොවන්නට පුළුවන්.පුද්ගලයන් සිටින්නට පුළුවන් මේ ගැන දැනගැනීමට අවශ්‍ය. බුද්ධිමත් ලෙස බලන අය සිටින්න පුළුවන්. විශ්වසනීය, නිවැරැදි තොරතුරු දැනගැනීම පාලනය සම්බන්ධයෙන්.රජය භාරකරුවෙක්. යම් කාලයකට පමණයි භාර ගන්නේ.

     

    යම් කාර්යයන් හා යුතුකම් ක්‍රියාත්මක කරනවා රජය ජනතාව වෙනුවෙන්.එය රහසිගතව ක්‍රියාත්මක කරන්න බෑ. ජනතා පිරික්සීමට ලක් නොවී කරන්න බෑ. එය රැදී පවතින්නේ ජනතාව හොඳින් දැනුවත් නම් පමණයි. මේ කෙටුම්පතේ මූලධර්මය එයයි. ජනතාව තොරතුරු දැනගත යුතුයි යැයි ද විපක්ෂ නායකවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya