අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ,අද (23) පාර්ලිමේන්තුවේ දී ස්ථාවර නියෝග 23(2) යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.
පොලිස් නිලධාරීන්ගේ වැටුප් විෂමතා ඉවත් කරමින් සියයට 40ක වටුප් වැඩි කිරීම, උසස්වීම් ලබාදීම, බඳවාගැනීමේ පටිපාටිය හා දේශපාලන පලිගැනීම් සඳහා විසඳුම් ලබාදීමේ ක්‍රියාවලිය පාර්ලිමේන්තුවට අමාත්‍යවරයා විස්තර කළේ ය.
පොලිස් නිලධාරීන්ට සියයට 40ක වටුප් වැඩි කිරීමේ යෝජනාවලිය යටතේ සියයට 20ක වටුප් වඩිවීම ජනවාරි මස සිට ලබාදීමට කබිනට් පත්‍රිකාවක්ද ඉදිරිපත් කර තිබියදී ක්‍රමවේදයේ ගැටළුවක් නිසා එය ප්‍රමාද වීම පිළිබඳව කණගාටු වෙනවා.එය නිසි පරිදි ඉටු කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසී ය.
අදාල ගැටළු සම්බන්ධව පොලිස් පරීක්ෂකවරුන්ගේ සංගමය සමඟ සාකච්ඡා කර ඇති බවත් පවතින ගැටළු අනුව ජාතික පොලිස් කොමිෂමට එම කරුණු ඉදිරිපත් කර ඇති බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා, ජාතික පොලිස් කොමිෂමේ නිර්දේශයට අනුව කඩිනමින් විසඳුම් ලබාදෙන බවද අමාත්‍යවරයා පැවසී ය.