අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා යොමු කළ වාචික පිළිතුරු අපේක්ෂ කරන ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.
2015 වර්ෂයේ දී අපනයනය කළ කරාබු නැටි, කුරුදු,ගම්මිරිස්, සාදික්කා ප්‍රමාණය මෙක්ට්‍රික් ටොන් 37,739ක්.ආදායම මිලියන 46,101ක්.වසර 2014ට සාපේක්ෂව 2015 වසරේ ආදායමේ වර්ධනයක් පෙනෙන බවත් එය සියයට 52.43%ක් බව ද අමාත්‍යවරයා පැවසී ය.
අපනයන බෝගවල අලුත් වගාවන් ඇති කරනව.අක්කර කාලට අඩු ඉඩම්වල ''ධන සවිය'' ගෙවතු යෝජන ක්‍රමය යටතේ දිරිය කාන්තාවන් ලක්ෂ 10කට ගෙවතුවල අපනයන බෝග පැල නොමිලේ ලබාදෙනවා.අවශ්‍ය පුහුණුවත් ලබාදෙනවා.
වසර 2020 දී අපනයන ඉලක්කය දෙගුණයක් කිරීමට කටයුතු කර තිබෙනවා. ලබන මාසයේ සිට ගම්මිරිස් කප්පදු කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කරනව.පැල තවන් 3000 සිට 5000ක් ඇති කිරීමට පියවර ගන්නවා.2020 දී අපේ ඉලක්කය දෙගුණයකට වඩා වැඩි අගයකට යා හැකි බව ප්‍රකාශ කළ හැකි බවද අමාත්‍යවරයා පවසී ය.