අමාත්‍යවරයා අද (22) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ,පාර්ලිමේන්තු මන්ත්‍රී විඳුර වික්‍රමනායක මහතා යොමු කළ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.එහිදි මන්ත්‍රීවරයා සඳහන් කළේ, අධ්‍යාපනය තුළ විවිධ මාෆියා ක්‍රියාත්මක කරන බවය.
දැන් කිසිදු මාෆියාවක් ක්‍රියාත්මක වන්නේ නෑ. ඒ කාලයේ ක්‍රියාත්මක වෙන්න ඇති.කිසිම ළමයෙක් දාන්න සල්ලි අරගෙන හෝ කුමන හෝ දෙයක් සිදු කර තිබුණොත් එයට තදින්ම ක්‍රියාත්මක වෙනවා.ඒ සම්බන්ධයෙන් අපි පියවර ගෙන තිබෙනවා.මාෆියා පසුගිය කාලයේ සිදු වුණා.ඒ පරණ නිලධාරීන්ගේ නටඹුන් තියෙනවනම් කියන්න. අපි එයටත් අවශ්‍ය පියවර ගන්නම් යැයි ද අමාත්‍යවරයා පැවසී ය.