නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යහපාලන ආණ්ඩුවේ විශ්වාසය උච්ච වූ නිසා ජනතාව කැමැත්ත ප්‍රකාශ කළා

    ජූනි 09, 2016

    යහපාලන ආණ්ඩුවේ විශ්වාසය උච්ච වූ නිසා ජනතාව කැමැත්ත ප්‍රකාශ කළා. යම පාලනයට තිබූ ජනතාවගේ විශ්වාසය භංග වූ නිසා ඔවුන් පරාජය කළා. පරාජිත කුජීත වූ ඒකාබද්ධ විපක්ෂය විශ්වාසභංගයක් ඉදිරිපත් කරනවා යැයි නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ, මුදල් අමාත්‍යවරයට එරෙහිව  ගෙනා විශ්වාසභංග යෝජනාවේ විවාදයේ අඳහස් දක්වමින් අද (09) පාර්ලිමේන්තුවේ දී  ය.


    විශ්වාසය එක වේලාවකට උච්ච වෙනවා. තව වේලාවක භංග වෙනවා. ජනතා සහාය ලැබෙනකොට විශ්වාසය උච්ච වෙනවා. ජනතාව අකමැති වෙනකොට භංග වෙනවා. මැතිවරණයක් පවත්වන විට ජනතාවගේ විශ්වාසය ප්‍රකාශ කරනවා. යහ පාලන ආණ්ඩුවේ විශ්වාසය උච්ච වූ නිසා ජනතාව කැමැත්ත ප්‍රකාශ කළා. යම පාලනයට තිබූ ජනතාවගේ විශ්වාසය භංග වූ නිසා ඔවුන් පරාජය කළා. රැකියාවක් කරන විටත් පරිවාස කාලයක් තිබෙනවා වසරක් හෝ දෙකක්. ඒ කාලය තුළ ඔහුගේ වැඩ දිහා බලා රැකියාව ස්ථිර කරනවා. ඒවගේම රජයකටත් එහෙම කාලයක් තිබෙනවා.

     

    තමන්ගේ සංවර්ධන ක්‍රියාවන් ආරම්භ කර ආර්ථික ප්‍රතිපත්තිය දියත් කිරීමට අවස්ථාවක් දිය යුතුයි. නමුත් රජය බිහිව වසරක් ගත වීමටත් පෙර පරාජිත කුජීත වූ ඒකාබද්ධ විපක්ෂය විශ්වාසභංගයක් ඉදිරිපත් කරනවා. එමඟින් ඔවුන්ගේ අපේක්ෂාවන් පිළිබිඹු කරනවා. තමන්ගේ අපේක්ෂා භංගත්වය ඔවුන් එමඟින් පෙන්වනවා.

     

    ඒකාබද්ධ විනාශයේ අයගේ මුහුණුවල පංච මහා ශෝකය තිබෙනවා. කුඩු අධිකාරියේ බල අධිකාරිය නොමැතිකමේ ශෝකය, ස්ත්‍රී දූෂණය, ළමා අපචාරය ක්‍රියාත්මක කිරීමේ බලවේගය අහිමි වූ ශෝකය, සුදු වෑන් සංස්කෘතිය තුළින් අතුරුදහන් වීම, මිනීමැරුම සාපරාධි ක්‍රියාවන් අද දවසේ ක්‍රියාවට නැංවිය නොහැකි අපේක්ෂා භංගත්වය, හොරකම ගසාකෑම අමු අමුවේ මහා භාණ්ඩාගාරයේ මුදල් කොල්ල කෑමට තිබූ අවස්ථාව අහිමි වීමේ ශෝකය,රට තුළ ඒකාධිපති පාලනය ක්‍රියාවට නැංවිය නොහැකි වීමේ ශෝකය යනාදි පංචමහා බලවේග ශෝකය ඔවුන්ගේ මුහුණුවල තිබෙනවා.

     

    ජනාධිපතිවරණයේදි, මහ මැතිවරණයේදි ජනතාව කීවේ ගෙදර යන ලෙසයි. තව වසර පහ හයකින් එන මැතිවරණයේදි ජනතා පරීක්ෂණයක් තිබෙනවා. එමඟින් අපේ සමත් වීම සොයා ගත හැකියි. ජනතාවගේ විශ්වාසය දින ගනිමිනුයි අප නව ආණ්ඩුවක් පිහිට වූයේ. මේ විශ්වාසභංගය ඉදිරිපත් කරමින් කරන්නේ, ජනාධිපතිවරයාගේ කකුලෙන් ඇදීමයි. මෛත්‍රීපාල සිරිසේන මහතා පුංචි තැනකින් පැමිණි පුද්ගලයෙක්.

     

    ග්‍රාමසේවා තනතුරේ සිට විධායක ජනාධිපති ධුරයට යන විට ඔහුට සර් කියන්න ඒකාබද්ධ විනාශයේ  ඇතැම් අය අකමැති ඇති. ඒ කුහකකම තමයි මේ පෙන්වන්නේ. රවී කරුණානායක මහතා කෙරෙහි විශ්වාසය පළ කිරීමේ යෝජනාවකුයි ඔබලාට ඉදිරිපත් කළ යුතුව තිබුණේ.යුද ජයග්‍රහනය  මුල් කරගනිමින් මෙරට ජනතාවගේ සල්ලි ගසා කෑවා. ඒවායේ ප්‍රතිඵල තමයි රජයටත් ජනතාවටත් අත් විඳින්න වෙලා තිබෙන්නේ යැයි ද අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසී ය.  

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya