ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි මේ සඳහා කටයුතු කර තිබෙන අතර එය ලබන 14 වනදා දක්වා පාසල් සිසුන්ට සහ පොදු ජනතාවට නැරඹීමට අවස්ථාව උදා වෙයි.
ආණ්ඩුකාරවරුන් විසිනව දෙනෙකු සහ ජනාධිපතිවරුන් හයදෙනෙකු තම රාජකාරී කටයුතු සහ වාසස්ථානය සඳහා යොදා ගත් නිලමැදුර වන කොටුව ජනාධිපති මන්දිරය ජනතාවට විවෘත වන්නේ ඉතිහාසයේ ප‍්‍රථම වරටය.
නව දේශපාලන ගමන් මඟක සම්ප‍්‍රදාය විවර කරමින් මෙතෙක් පොදු ජනතාවට ඇතුළුවීමට නොහැකි ලෙස වසා තිබූ රජ ගෙදර දොරටු පොදු ජනතාවට විවෘත කිරීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා පියවර ගෙන තිබේ.
මෙහි සමාරම්භක අවස්ථාවට දිවයිනේ සෑම පළාතක්ම නියෝජනය කරමින් පාසල් දරුවන් එක්ව සිටි අතර ඔවුන් ඇසූ ප‍්‍රශ්ණවලට පිළිතුරු දෙමින් ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ ඉදිරියේදී මහනුවර සහ නුවරඑළිය ජනාධිපති මන්දිර ද පාසල් සිසුන්ට සහ ජනතාවට නැරඹීමට අවස්ථාව උදා කර දෙන බවයි.
තම පදිංචිය සඳහා ජනාධිපති මන්දිරය තෝරා නොගත්තේ ඇයිදැයි සිසුවෙකු ඇසු ප‍්‍රශ්ණයකට පිළිතුරු දුන් ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ සාමාන්‍ය ජනතාවගෙන් ඈත්ව සැප මන්දිරවල සිට ජනතාවට සැබෑ සේවයක් ඉටු කළ නොහැකි බවයි.
ඓතිහාසික වටිනාකම් රැසකින් සමන්විත කොටුව ජනාධිපති මන්දිරය රටේ ජනතාවගේ සම්පතක් බවත් එබැවින් එය ජනතාවට දැක බලා ගැනීමට අවස්ථාව සලසා දීමට තමා තීරණය කළ බවත් ජනාධිපතිතුමා පැවසීය.
ඊයේ සිට ලබන ජූනි 14 වනදා දක්වා ප.ව 2.00 සිට ප.ව 7.00 දක්වා ජනාධිපති මන්දිරය නැරඹීමට අවස්ථාව සලසා තිබෙන අතර 077- 3086366 දූකතන අංකය ඔස්සේ ජනාධිපති සහකාර ලේකම්, විමර්ශන චතුරංග මහතා සම්බන්ධ කර ගැනීම මගින් හෝ 0714- 241802 දූරකතන අංකය ඔස්සේ ඒ පිළිබඳ වැඩිදුර විස්තර ලබා ගත හැකිය.