සෞඛ්‍ය,පෝෂණ හ දේශීය වෛද්‍ය අමාත්‍යවරයා විසින් පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබේ.
පනත් කෙටුම්පත මඟින් හෝමියෝපති වෛද්‍ය සභාව පිහිටුවීම සඳහා ද, හෝමියෝපති වෛද්‍ය වෘත්තිකයන් සහ හෝමියෝපති ඖෂධවේදීන් ලියාපදිංචි කිරීම සඳහා ද, හෝමියෝපති ආයතන ලියාපදිංචි කිරීම සඳහා ද,නියාමනය කිරීම සඳහා ද, හෝමියෝපති වෛද්‍ය ක්‍රමය ප්‍රවර්ධනය කිරීම, පෝෂණය කිරීම, සඳහා මෙන් ම හෝමියෝපති බෙහෙත් වර්ග, ඖෂධ සහ අනෙකුත් හෝමියෝපති පිළියෙල කිරීමේ නිෂ්පාදනය, ආනයනය, ගබඩා කිරීම, විකිණීම, සහ බෙදාහැරීම සඳහා ද, ඒ හා සම්බන්ධ හෝ ඊට අනුෂාංගික කරුණු සඳහා ද විධිවිධන සැලැස්වීම පිණිස වූ පනත් කෙටුම්පතකි.