ගංගාරාම විහාරස්ථානයේ දී ආගමික වතාවත්වල නිරත වීමෙන් අනතුරුව ජනාධිපතිතුමා සහ අගමැතිතුමා අතින් බුද්ධ රශ්මි වෙසක් කලාපයේ විදුලි ආලෝකය විවෘත කෙරිණි. අනතුරුව විහාර පරිශ්‍රයේ පැවති දන්සැල විවෘත කරමින් එහි පැමිණෙන බැතිමතුන්ට ආහාර බෙදාදීම ද ජනාධිපතිතුමා අතින් සිදුවිය.
ගංගාරාම විහාරාධිපති පූජ්‍ය ගලබොඩ ඥානීස්සර ස්වාමීන් වහන්සේගේ උපදේශකත්වයෙන් සංවිධානය කෙරුණු මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍යවරුන් වන දයා ගමගේ, සාගල රත්නායක, කොළඹ නගරාධිපති ඒ.ජේ.එම් මුසම්මිල් මහතා ඇතුළු මැතිඇමතිවරුන් ද විදේශ තානාපතිවරුන් සහ බැතිමතුන් විශාල පිරිසක් ද සහභාගී වූහ.