නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බුදුන් වහන්සේගේ ධර්මය අනුව ජීවිතය හැඩගස්වා ගත යුතුයි- අගමැති

    මැයි 23, 2016

    බුදුන් වහන්සේ දේශනා කළ ධර්මයට අනුව අප අපේ ජීවිතය හැඩ ගස්වා ගැනීමට අදිටන් කර ගත යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    ගෝතම තපෝවනය, කලපළුවාව, මුල්ලේරියාව නව නගරයේදී පූජ්‍ය තපෝවනයේ මිතභාණි නායක ස්වාමීන් වහන්සේගේ පැවැදි දිවියේ පනස් වසර සැමරීමේ පුණෝත්සවයට සහභාගී වූ අගමැතිවරයා මේ බව පසුගිය දා සඳහන් කළේය.

     

    ඒවගේම උන්වහන්සේ දේශනා කළ ධර්මයට අනුව අප අපේ මනස පාලනය කර ගත යුතු බවත් අප අප විසින්ම ජයග්‍රහණය කළ විට බුදුන් වහන්සේ දේශනා කළ ධර්මයේ සම්පූර්ණ ප්‍රතිඵලය ලැබෙන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

     

    ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකය පුරා ව්‍යාප්තවී සිටින බුදුන් වහන්සේගේ ධර්මය පිළිපදින ජනතාව මෙන්ම සෙසු ජනතාවත් වෙසක් පොහොය දිනයේදී බුදුන් වහන්සේගේ ධර්මය සිහිපත් කරන බව පෙන්වා දුන් අගමැතිවරයා  බුදුන් වහන්සේගේ ධර්මය පිළිපදින අපට වෙසක් දිනය සහ වෙසක් දිනයේ අනුගමනය කරන ප්‍රතිපත්ති එක් දිනකට සීමා කිරීමට හැකියාවක් නොමැති බව ද සඳහන් කළේය.

     


    මිතභාණි නාහිමියන් උප සම්පදාව ලබා වසර 50 ක් පිරෙන අතර උන්වහන්සේ බුදු සසුන වෙනුවෙන් කළ සේවය ද අගමැතිවරයාගේ ඇගයීමට ලක් විය.

     

    ස්වභාවික ආපදා නිසා වෙසක් පොහොය සැමරීමට නොහැකිව ඉතා දුක්ඛිත තත්ත්වයට පත්වූ පිරිසක් අරණායක, බියගම, බෝමිරිය යනාදී ප්‍රදේශවල සිටින බවත් තමා එම ප්‍රදේශවල සංචාරය කර එම තත්ත්වයන් සියසින් දැක ගත් බවත් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

     

    ඒ සියලු දෙනා වෙනුවෙන් උපරීම ලෙස උදව් උපකාර කිරීමට අප සියලු දෙනා එක් වී කටයුතු කළ යුතු බව ද අගැමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya