නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ‍්‍රී පාද පද්මයේ ශෛලමය අනුරුවක් ජනපති කාර්යාලයට

    මැයි 20, 2016

    ශ‍්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා සමඟ ශ‍්‍රී පාද පද්මයේ මංගල ලකුණු 108 ක් ප‍්‍රදර්ශනය වන සේ නිර්මාණ කෙරුණු ශෛලමය ශ‍්‍රී පාද පද්මය රැගත් සදහම් චාරිකාව ඊයේ (19) ජනාධිපති කාර්යාලයට පැමිණියේය.

    පරිත‍්‍රාණ ධර්ම දේශනා මධ්‍යයේ රටට සහ රට වැසියන්ට සෙත් පතා බුදුන් වහන්සේ ශ‍්‍රී ලංකාවේ වැඩම කළ පූජනීය පුදබිම් ඇතුළුව තිරියාය, සේරුවිල හා සෝමාවතිය වැනි සිද්ධස්ථාන ආවරණය කෙරෙමින් චාරිකාවේ යෙදුණු සදහම් චාරිකාව සිය සමාප්තිය සලකුණු කරන ලද්දේ ජනාධිපති ලේකම් කාර්යාලයෙනි.

    එහිදී පූජනීය සර්වඥ ධාතූන් වහන්සේලා සහ ශ‍්‍රී පාද පද්මයේ අනුරුව ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා විසින් මහත් හරසරින් පිළිගන්නා ලදී.

    ශ‍්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ සබසාධක කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරී ඩී. බන්දුල චන්ද්‍රසිරි පෙරේරා මහතා විසින් සම්බුද්ධ ශාසනයට පූජා කරන ලද මෙම ශෛලමය ශ‍්‍රී පාද පද්මය ප‍්‍රදර්ශනය කිරීමේ කටයුතු වාද්දුව සමුද්‍රාරාම මිහිදු මහ පිරිවෙනේ සහ වාද්දුව මොල්ලිගොඩ දෙගම්බඩ මහා විහාරයේ විහාරාධිපති බෝපිටියේ ධම්මිස්සර ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් සංවිධානය කර තිබිණ.

    සදහම් චාරිකාව නිමා කරමින් ජනාධිපති කාර්යාලයට වැඩමකළ ශ‍්‍රී පාද පද්මය පිළිගැනීමේ අවස්ථාවට කතානායක කරූ ජයසූරිය මහතා සාගල රත්නායක, අර්ජුන රණතුංග, මහින්ද සමරසිංහ යන අමාත්‍යවරුන් ද එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya