අග්‍රාමාත්‍යවරයා අද (20) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා යොමු කළ වාචික ප්‍රශ්නයක අඳහස් දක්වමිනි.
2015 වසරේ මහබැංකුව විසින් නිකුත් කළ භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් වාචික ප්‍රශ්න යොමු කර තිබුණි.
අපිට වහන්න දෙයක් නෑ.මේ රජය විනිවිදභාවය ගැන ප්‍රකාශ කර තිබෙනවා.අපි තොරතුරු දැනගැනීමේ පනත ගෙනාවම තවත් හොයන්න පුළුවන්. වගකීම පොලීසියට භාර දෙන්න.මීට අමතරව සභාව මඟින් විභාග කරන්නත් භාර ගත්තා. මහබැංකුවේ හැම බැදුම්කරයක්ම මූල්‍ය කමිටුවටත්,මහජන මුදල් කාරකසභාවටත් වාර්තා කරනවා.රටේ ආර්ථිකය පිළිබඳවත් විදේශ සංචිත පිළිබඳවත් පාර්ලිමේන්තුවට වර්තා කරනවා යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසී ය.