"මව්වරුන් හා අලූත උපන් දරුවන් පවුල් සෞඛ්‍ය සේවාවේ හදවතයි" යන තේමාව යටතේ පැවති මෙම උත්සවයට පවුල් සෞඛ්‍ය සේවිකාවන් 3,000 කට වැඩි පිරිසක් එක්ව සිටියහ.
පවුල් සෞඛ්‍ය සේවයේ විවිධ දක්ෂතා දැක්වූ නිලධාරිනියන් සඳහා තිළිණ ප‍්‍රදානය කිරීම ද මෙහිදී සිදු විය.
ශී‍්‍ර ලංකාවේ කාන්තාවන්ට පමණක් සීමා වුණු විශාලතම රාජ්‍ය සේවාව පවුල් සෞඛ්‍ය සේවාවයි. අපේ රටේ පවුල් සෞඛ්‍ය සේවාවට වසර සියයක් ඉක්මවා ගිය ඉතිහාසයක් තිබේ. ඓතිහාසික වෛද්‍ය වාර්තාවලට අනුව ශී‍්‍ර ලංකා වෛද්‍ය සභාව මගින් පළමු වරට වින්නඹු මාතාවක ලියාපදිංචි කර තිබෙන්නේ 1929 වසරේදී ය.
මේ වන විට දිවයින පුරා පිහිටි රෝහල්වල මෙන්ම කෂේත‍්‍ර සේවයේ පවුල් සෞඛ්‍ය සේවාව තුළ දහදාහකට අධික පිරිසක් සේවය කරති.
ඔවුන්ගේ සේවය අගයමින් පවුල් සෞඛ්‍ය සේවා දින සැමරුම් උත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපතිතුමා එක් විය.
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, නියෝජ්‍ය අමාත්‍ය ෆයිසර් කාසිම්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනුර ජයවික‍්‍රම, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල, රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපතිනි දේවිකා කොඩිතුවක්කු යන මහත්ම මහත්මින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.