හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට සිටි හමුදා නිලධාරීන් ඉවත් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා සභාවෙ අවධානයට යොමු කළ අතර, එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මතු කළ පැනයට පිළිතුරු ලබාදුන්නේ ය.
ඉන් අනතුරුව අමාත්‍ය ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අඳහස් දැක්වීමත් සමඟ විපක්ෂයේ සිටි මන්ත්‍රීවරු පිරිසක් සභාගර්භය මධ්‍යයට පැමිණ විරෝධතා දක්වන අයුරු පෙනිණි.දිගින් දිගටම සභා ගර්භය මධ්‍යයෙන් උණුසුම් තත්ත්වයක් මතු වූ අතර කතානායකවරයා විසින් සභාවේ කටයුතු විනාඩි පහකට අත් හිටුවන ලදී.