නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළාත් පාලන මැතිවරණය ලබන වසර මුලදී – ජනපති

    අප්‍රේල් 22, 2016

    කොට්ඨාස නිර්ණය කිරීමේ කටයුතු අවසන් වූ වහාම ලබන වසර මුලදී පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට බලාපොරොත්තුවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

    මැතිවරණ නොපැවැත්වීමෙන් රටේ ජනතාවගේ මතය විමසා බැලීමට බලයේ සිටින අයට අවස්ථාවක් නොලැබෙන අතර නියමිත පරිදි මැතිවරණ පැවැත්වීමට වත්මන් රජය කටයුතු කරන බව ද ජනාධිපතිතුමා පැවසීය.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ පළාත් පාලන ආයතන ප්‍රධානින් සමඟ පසුගිය දා ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති හමුවකට එක් වෙමිනි.

    පළාත් පාලන ආයතනවල වර්තමාන කාර්යභාරය සහ අභියෝග පිළබඳව පළාත් සභා සහ පළාත් පාලන ආයතන ප්‍රධානින් සමඟ වැඩමුළුවක් ද ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත් වූ අතර එහි සමාප්ති අවස්ථාව මෙලෙස ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේ පළාත් පාලන ආයතන ප්‍රධානින්ගේ හැසිරීම රජයට ඉතා තදින් බලපාන බවයි. පසුගිය ජනාධිපතිවරණයේදී වත්මන් රජයේ ජයග්‍රහණයට ප්‍රමුඛ හේතුවක් වූයේ පැවති රජයේ සිටි පළාත් පාලන ප්‍රධානින් සිදුකළ වංචා දුෂණ සහ ඔවුන්ගේ අයහපත් හැසිරීම් රටාව බවද ජනාධිපතිතුමා මෙහිදී සිහිපත් කළේය.

    යහපත් ජාතික දේශපාලනයක් සඳහා ප්‍රවේශය සිදුවන්නේ පළාත් පාලන ආයතන තුළින් බැවින් එහි සාමාජිකයින් දුෂණයෙන්, වංචාවෙන් තොර පිරිසිදු දේශපාලනඥයින් ලෙස තම දේශපාලන ගමන ආරම්භ කළයුතු බව ද ජනාධිපතිතුමා පැවසීය.

    පසුගිය දශක කිහිපය පුරා පළාත් පාලන ඇමතිකම ලබාදුන්නේ ඇමතිකමක් නොදී බැරි පුද්ගලයෙකුට වුවද වත්මන් රජය එම ආමාත්‍යධූරය ලබා දී තිබෙන්නේ වැඩකළ හැකි දක්ෂ ඇමතිවරයෙකුට බව සඳහන් කළ ජනාධිපතිතුමා මහජනතාවගේ සුබ සිද්ධිය සඳහා පළාත් පාලන ආයතනයකට කළ නොහැකි දෙයක් නොමැති බවත්, හොඳ රටක් හැදීමට හොඳ ගමක් හැදිය යුතු අතරම එහි ප්‍රමුඛ වගකීම පැවරී ඇත්තේ පළාත් පාලන නියෝජිතයින්ට බවත් සඳහන් කළේය.

    පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා, රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න, පළාත් ආණ්ඩුකාරවරු, ප්‍රධාන අමාත්‍යවරු, පළාත් සභාවල ප්‍රධාන ලේකම්වරු, නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරු, කොමසාරිස්වරු සහ පළාත් පාලන ආයතන ප්‍රධානීන් මීට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya