මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පිළිතුරු ලබාදීමට අමාත්‍යවරයා හෝ නියෝජ්‍ය අමාත්‍යවරයා සිටීම-ස්ථාවර නියෝග වෙනස් කිරීමට බලාපොරොත්තු වෙනවා

    පෙබරවාරි 26, 2016

    පාර්ලිමේන්තුවේ ප්‍රශ්න විමසන අවස්ථාවේ ඊට පිළිතුරු ලබාදීමට අමාත්‍යවරයා හෝ නියෝජ්‍ය අමාත්‍යවරයා සිටීම  සම්බන්ධයෙන් ස්ථාවර නියෝග වෙනස් කිරීමට බලාපොරොත්තු වන බව කතානායක කරූ ජයසූරිය මහතා අද (26) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

     

    කතානායකවරයා සභාවට කරුණු පැහැදිළි කරමින් සඳහන් කළේ,සමහර ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීමට අමාත්‍යවරු නොමැතිවීම සම්බන්ධයෙන් පක්ෂ නායකයන්ගේ රැස්වීමේ දීත් කතා කළා.ගරු අග්‍රාමාත්‍යතුමාගේ අවධානයට යොමු කර තිබෙනවා.මේ සම්බන්ධයෙන් ස්ථාවර නියෝග වෙනස් කිරීමට බලාපොරොත්තු වෙනවා.මින් පසු ප්‍රශ්නවලට පිළිතුරු දීමට අමාත්‍යවරයා හෝ නියෝජ්‍ය අමාත්‍යවරයා සිටිය යුතු බවට කටයුතු ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා.

     

    පාර්ලිමේන්තුවේ කතා කිරීමේ අයිතිය විසඳා දුන්නා.සියලු දෙනාට සුබ ප්‍රාර්ථනා කරනවා.මේවා සාකච්ඡාවෙන් කරගැනීමට තිබුණා,සිත් රිදවා ගන්නේ නැතිව.මියගිය ඥාතීන්ට අපහාස කිරීම හොඳ සිරිතක් නොවන බවද කතානායකවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya