මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආරක්ෂක සේවා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප‍්‍රදානෝත්සවය ජනපති ප‍්‍රධානත්වයෙන්

    පෙබරවාරි 26, 2016

    කොළඹ, ආරක්ෂක සේවා විද්‍යාලයේ 2013 – 2014 වාර්ෂික ත්‍යාග ප‍්‍රධානෝත්සවය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (26) පෙරවරුවේ පැවැත්විණි.

    විද්‍යාලය වෙත පැමිණි ජනාධිපතිතුමා එහි සිසු දරුවන් විසින් මහත් හරසරින් යුතුව පිළිගත්හ.

    2013-2014 වර්ෂවලට අදාළව අධ්‍යාපන, කී‍්‍රඩා හා විෂය සමගාමී කටයුතුවලින් දක්ෂතා දැක්වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ත්‍යාග ප‍්‍රදානය කිරීම මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.

    2013 සහ 2014 වර්ෂවල විශිෂ්ටතම ආරක්ෂක විද්‍යාලයීය ශිෂ්‍යයාට සහ ශිෂ්‍යයාවට සම්මාන ප‍්‍රදානය ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණි.

    කැපවීමෙන් සේවය කරන ගුරු මහත්ම, මහත්මීන්ද මෙහිදී ඇගයීමට ලක් විය.

    අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන යන මහත්වරුන්ද ති‍්‍රවිධ හමුදාපතිවරුන්, පොලිස්පතිතුමා ඇතුළු ආරාධිත පිරිසක් ද, විදුහල්පතිනි ධම්මිකා ජයනෙත්ති මහත්මිය ඇතුළු ආචාර්ය මණ්ඩලයද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya