මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පරස්පර විරෝධයකින් තොරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමේ වැඩපිළිවෙලකට යා යුතුයි

    පෙබරවාරි 24, 2016

    පරස්පර විරෝධයකින් තොරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමේ වැඩපිළිවෙලකට යා යුතු බව කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න මහතා අද (24) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පත් කිරීම සඳහා යෝජනා සම්මතය පිළිබඳව විවාදයේ දෙවැනි දිනය වන අද (24) පාර්ලිමේන්තුවේදී විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

     

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංශෝධන ඉදිරිපත් කළා. අපේ සංශෝධන අග්‍රාමාත්‍යතුමා පිළිගෙන තිබෙනවා. එයත් පදනම් කරගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමේ කාර්යය ආරම්භ කර තිබෙනවා.

    ඊයෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සන්ධානයේ නායකයන් සාකච්ඡා කළා. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ප්‍රධාන පක්ෂ එකඟතාවයට පැමිණ තිබෙනවා.

    අද පවතින සම්මුතිවාදී ආණ්ඩුව විසින් යෝජනා කර තිබෙන මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රටම පිළිගත් එකක් බවට පත් වෙමින් තිබෙනවා. සියළු පක්ෂවල අදහස් මේ යෝජනාවට ඇවිත් තිබෙනවා. ඉක්මනින් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත කළ යුතුයි. වෙනස්වන ආර්ථික, සමාජ, දේශපාලන කරුණු සැලකිල්ලට ගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කළ යුතුයි. හැත්තෑව දශකයේ අමෙරිකාවේ ආණ්ඩුකම ව්‍යවස්ථාවේ වචන හත්දහසයි ති‍බුණේ.

     

    ලෝ‍කයේ තිබෙන සෑම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකටම වචන තිස්පන්දහසකට වඩා ති‍බෙනවා. මොකද අද තිබෙන දේශපාලන සමාජ තත්ත්වයන්ට අනුරූප වෙන විදිහට වෙනස්කම් කළ යුතුයි.  විධායක ජනාධිපතිධුරයේ බලතල බොහෝ දුරට  අඩු කළා.  

     

    විධියක බලය අඩු කිරිමට අපේ ආණ්ඩු කාළේ යෝජනා ඉදිරිපත් වුණා. එයට එකඟ වෙන්න අපිට එදා නොහැකි වුණා. 19 වැනි සංශෝධනය ගෙනවිත් විධායකයේ බලතල අඩු කළාට 20 වැනි සංශෝධනය ගෙන එන්නට බැරිවුණා. මන්ත්‍රී ආසන 225 ඉලක්කමේ රැදී ඉන්නේ නැතිව මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට කටයුතු කළ යුතුයි.

     

    ජාතික සංහිඳියාවක් ඇති කරනවා නම්  ප්‍රධාන ජාතිය අතර සමඟියක් තිබිය යුතුයි. ‍එහෙම නැතිව අපි බලාපොරොත්තු වන සංහිඳියාවක් ඇති කරන්න බැහැ. කාගේත් සහාය ලබාගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇති කිරීමටත් ජාතික සංහිඳියාවක් ඇති කිරීමටත් අපට පුළුවන්.

     

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථවක් කාලාණුරූපව වෙනස් කළ යුතුයි. ජාතික සංහිදියව ඇති කර එක ජාතියක් ලෙස පෙරට යා යුතුයි.ජනතවගේ ප්‍රමුඛතා සීමා කර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීම ප්‍රමාණවත් නෑ.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමේ දී සැළකිය යුතු කරුණු රාශියක් තිබෙන බවද අමාත්‍යවරය පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya