මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළොන්නාව ජල ගැල්මට විසඳුමක් ලබාදීමට දීර්ගකාලීන වැඩපිළිවෙළක්

    පෙබරවාරි 24, 2016

    කොළොන්නාව ජල ගැල්මට විසඳුමක් ලබාදීමට දීර්ගකාලීන වැඩපිළිවෙළක් සකස් කර තිබෙන බව  මහානගර හා බස්නාහිර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

    නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව අද (24)පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා විසින් යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

     

    කොළොන්නාව ප්‍රදේශය මුහුණදෙන ගංවතුර ප්‍රශ්නය විසඳීමට ප්‍රමුඛතාවයක් ලබාදේනවා ද යන්න මන්ත්‍රී එස්.එම්. මරිකාර මහතා නියෝජ්‍ය අමාත්‍යවරයාගේන් විමසීය.

     

    කොළොන්නාවේ සියයට 25%කට ආසන්න ප්‍රමාණයක් ජලයෙන් යටවෙනවා. කෙටිකාලීනව වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා. 2017 දී දීර්ග කාලීන වැඩසටහනක් ලෝක බැංකු ආධාර යටතේ සමස්ත ජලගැල්මට විසඳුම් යෙදීමට වැඩපිළිවෙලක් සකස් කර තිබෙනවා. මේ වනවිට රුපියල් මිලියන 100ක් වෙන්කර තිබෙනවා.

     

    මෙහිදී ඇලමාර්ග පුළුල් කිරීම හා පිවිසුම් ස්ථන පුළුල් කිරීමට කටයුතු කරනවා.කොළොන්නාව ජල ගැල්මට විසඳුමක් ලබාදීමට දීර්ගකාලීන වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා.2017 දී දීර්ග කාලීන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා යැයි නියෝජ්‍ය අමාත්‍යවරයා පිළිතුරු දෙමින් පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya