මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමාත්‍ය එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන මහතාගේ සමුගැන්ම වත්මන් රජයටත් රටටත් බලවත් පාඩුවක්

    ජනවාරි 21, 2016

    ආදර්ශමත්, සරල, නිහතමානී, පරිණත දේශපාලඥයන් වැඩි වැඩියෙන් අවැසි මොහොතක ඉඩම් අමාත්‍ය එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන මහතාගේ සමුගැන්ම වත්මන් රජයටත් රටටත් බලවත් පාඩුවක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ශෝක පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියි.

    නිකුත් කළ ශෝක පණිවුඩය මෙසේ ය

    ''ප්‍රජාතන්ත්‍රවාදය ගිළිහෙමින් සමස්ත සමාජය පීඩනයේ සහ මර්දනයේ අඳුරු අගාධයක ගිලෙමින් පැවති අභාග්‍යසම්පන්න අවදියක් අපි පසු කළෙමු. එයට එරෙහිව කිසිදු හඬක් නගන්නට කිසිවෙකුත් ඉදිරිපත් නොවූ අවස්ථාවක ජනතා අපේක්ෂාවනට මුල් තැන දෙමින් යහපාලනය ස්ථාපිත කරනු සඳහා තම දිවි පරදුවට තබා එවකට පැවති රජයෙන් මුලින් ම ඉවත් වී පැමිණි සාමාජිකයින් අතර එම්. කේ. ඒ. ඩි. එස් ගුණවර්ධන මැතිඳුන් ද විය.

     

    එම විරෝධතාව සහ නික්මීම පසුගිය වසරේ ජනවාරි 08 වැනිදා පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජයග්‍රහණය කරවමින් සමස්ත දේශයේ දිනවීමට ලබාදුන් දායකත්වය සහ පන්නරය අප්‍රමාණ ය.

     

    1947 වසරේ මාර්තු 06 වැනි දින උපත ලද ගුණවර්ධන මැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ දීර්ඝකාලීන ප්‍රබල සාමාජිකයෙකි. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් දේශපාලනයට පිවිසි එතුමා 2014 වසරේ එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයේ බුද්ධ ශාසන නියෝජ්‍ය අමාත්‍ය ධූරය දැරුවේය.

     

    පසුගිය වසරේ තීරණාත්මක මොහොතක දී නොපැකිල ඉන් ඉවත් වූ ගුණවර්ධන මැතිතුමා ජනතා ජයග්‍රහණයට ප්‍රබල වැඩ කොටසක් සිදු කළ අතර 2015 මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකින් පාර්ලිමේන්තුවට තේරි පත්විය. ජීවිතයෙන් සමුගන්නා විට එතුමා යහපාලන රජයේ ඉඩම් ඇමතිවරයා
    ලෙස කටයුතු කරමින් සිටියේ ය.

     

    මෙබඳු ආදර්ශමත්ල සරල, නිහතමානී, පරිණත දේශපාලඥයන් වැඩි වැඩියෙන් අවැසි මොහොතක එතුමාගේ සමුගැන්ම වත්මන් රජයටත් රටටත් බලවත් පාඩුවකි. එම්. කේ. ඒ. ඩී. එස්. ගුණවර්ධන මැතිඳුන්ගේ අභාවයෙන් ශෝකයට පත් පවුලේ සැමටත්, ඥාති හිතමිත්‍රාදීන්ටත් මාගේත්, වත්මන් රජයේත්, එක්සත් ජාතික පක්‍ෂයේත්
    බලවත් සංවේගය ප්‍රකාශ කරමින් එතුමන්ට නිර්වාණ සම්පත්තිය අත්වේවා යි ප්‍රාර්ථනය කරමි.''

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya