මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටේ ජනතාව වෙනුවෙන් ව්‍යවස්ථාවක් සැකසීම එකට එකතු වී සිදු කරමු- අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

    ජනවාරි 09, 2016

    රටේ ජනතාව වෙනුවෙන් අලුත් ව්‍යවස්ථාවක් සැකසීම, එකට එකතු වී සිදු කරමු යැයි ද තමන්ට අවශ්‍ය වන්නේ සියලු දෙනා එකතු වී කටයුතු කිරීම යැයි ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (09) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.


    නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයක් පත්කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුව ඉදිරිපත්
    කිරීමෙන් අනතුරුව අද පාර්ලිමේන්තුව අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.


    රටේ ව්‍යවස්ථාව සකස් කිරීම පිළිබඳව මේ යෝජනාව ඉදිරිපත් කරන්නේ මුළු සභාව වෙනුවෙන්. මුළු පාර්ලිමේන්තුවම සම්බන්ධ
    කරගෙන මෙය සිදු කරන්නේ.අපේ පළමු ව්‍යවස්ථාව සෝල්බරී ව්‍යවසථාවයි.

     

    එස්.ඩව්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මැතිතුමා,තෙරීම් කාරක සභාවක් යෝජනා කළා,අවසන් කරන්න පෙර එතුමා ඝාතනය කළා. 1965
    ඩඩ්ලි සේනානායක මහතා තෙරිම්කාරක සභාවක් යෝජනා කළා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉවත් වුණා.

     


    1977 එක්සත් ජාතික පක්ෂයට වරමක් ලැබුණා,විධායක ජනාධිපති ක්‍රමයක් ඇති කරන්න.මේ ව්‍යවස්ථාව සංශෝධනය කරන්න තේරිම් කාරක සභාවක් පත් කළා, චන්ද්‍රිකා බණ්ඩාර කුමාරතුංග මැතිණියගේ කාලයේ. අපිට සිදු වුණේ, ව්‍යවස්ථාව ගැන 2005 පසුව සාකච්ඡා කරන්නයි. මේවා පාර්ලිමේන්තුවෙන් පිට කළේ.18 සංශෝධනය ගෙනැල්ලා පාර්ලිමේන්තුවේ බලතල අඩු කළා. අපි මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා ගෙනාවේ පාර්ලිමේන්තුවේ බලතල වැඩි කර, මේ කටයුතු කරන්නයි.

     

    විධායක බලතල පාර්ලිමේන්තුවට දුන්නට පස්සේ අපි තීරණය කළා, පාර්ලිමේන්තු ඡන්දයෙන් පසුව මේ වැඩකටයුත්ත කරන්න.ඡන්දයෙන් පසුව අපි ජාතික ආණ්ඩුවක් ඇති කළා.කාරකසභා ක්‍රමය පාර්ලිමේන්තුවේ ඇති කරන්න. එය සම්මත වුණා.අපි ව්‍යවස්ථාව ගැන සාකච්ඡා කළා.අපි සාකච්ඡා කළේ, සියලු දෙනාම එකතු වී සිදු කරන්නයි.

     

    මේක රැස්වෙන්න ව්‍යවස්ථාදායක මණ්ඩලයක් හැටියට. පාර්ලිමේන්තුවෙන් වෙනම කරන එකක් නොවේ, 1970 කළා වගේ. මෙය පාර්ලිමේන්තුව ඇතුළේ කරන්නේ. මෙය අපි ව්‍යවස්ථාදායක සම්පාදක කොමිටිය කියන්නේ නැතිව, ව්‍යවස්ථාදායක සම්පාදක මණ්ඩලය කියලා දැම්මා. මෙය පාර්ලිමේන්තුව ඇතුළේ ක්‍රියාත්මක වන්නේ.


    මෙය ගේන්නේ පාර්ලිමේන්තුවෙන්. ඒ සඳහා පාර්ලිමේන්තුවේ බලය තියෙනවා.ස්ථාවර නියෝග 75 යටතේ,පාර්ලිමේන්තුවේ වැඩකටයුතු කරන්න,එහෙම යෝජනාවක් ගේන්න.අපි මෙතනට ඇවිත් තිබෙන්නේ සියලු අඳහස් එකතු කරගන්නයි.එකට එකතුකරගෙන ඉදිරියට යන්නයි.උපදේශකවරු පත් කරනවා. අපි විදේශ උපදේශකවරු ගේන්නේ නෑ.

    ඡන්ද ක්‍රමයට එකඟ වෙන්න තියෙනවා. අපි ප්‍රාදේශීය සභා ඡන්දය ආපසු කල්දැම්මා.මේ වැඩකටයුතු කරන්නයි මේ යෝජනාව ඉදිරිපත්
    කරලා තිබෙන්නේ.

    මේ පිළිබඳව අපි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ සමඟ අගමැතිවරයා ලෙස කතා කර
    තිබෙනවා.යෝජනා ඉදිරිපත් කරන්න පුළුවන්.අපිට සාකච්ඡා කර ඉදිරියට යන්නයි තිබෙන්නේ. මට අවශ්‍ය හැමෝම එකඟ කරගෙන යන්නයි. අපිට හොඳ ව්‍යවස්ථාවක් හදාගන්න පුළුවන්. 78 ව්‍යවස්ථාව අරගෙන 19 ව්‍යවස්ථාව බලන විට එය ගැළපෙන්නේ නෑ.සංශෝධනය කරලා තිබෙනවා.ශ්‍රේෂ්ඨාධිකරනය කියා තිබෙන්නේ ජනමත විචාරණයක් අවශ්‍යයි කියලා.

    අපිට අවශ්‍ය එකට එකතු වී වැඩකරන්නයි.බලය අල්ලා ගන්න එක එක උපක්‍රම තිබෙනවා.ඔබත් එකාබද්ධ ආණ්ඩුව වෙන්න.මේ සභාව
    එකතුවෙලා මෙය කරමු, රටේ ජනතාව වෙනුවෙන් යැයි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya