මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති කළුතර බෝ සමිඳු වැඳපුදා ගනී

    ජනවාරි 08, 2016

    අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අද (08) උදැසන කළුතර පූජණීය බෝධීන්වහන්සේ වැඳපුදා ගත්තේ ය.


    ජනපති නායකත්වයෙන් ස්ථාපිත ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය පාලනයට වසරක් සපිරීම සමරනු වස් විශේෂ ජාතික සැමරුම් රැසක් අද
    ක්‍රියාවට නැංවෙයි.ඒ අනුව අතිගරු ජනාධිපතිතුමා කළුතර ඓතිහාසික බෝධි රාජයාණන් වහන්සේ වැඳපුජා ගෙන ආශිර්වාද
    ලබාගත්තේ ය.

     

     කළුතර ඓතිහාසික බෝධි රජයාණන් වහන්සේ වැඩ වසන භූමිය බෝධි භාරකාර මණ්ඩලය වෙත පවරා දීම ද අතිගරු
    ජනාධිපතිතුමාගේ සුරතින් කෙරුණු අතර ජනාධිපතිතුමා විසින් සුදු සඳුන් පැලයක් රෝපණය කිරීම ද මෙහිදී සිදු විය.

     

    මහා සංඝරත්නය,කතානායක කරූ ජයසූරිය මහතා, ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා
    ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ඇතුළු මැති ඇමැතිවරු රැසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

     

    he kalu3

     

    HE kalu 2

     

     

    he kalu 4

     

    ඡායාරූප- යමුනි රශ්මිකා පෙරේරා- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya