මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2016 වසර සියලූ යහපත් අරමුණු ජයගන්නා ජයග්‍රහණයේ වසරක් වේවා - අගමැති

    ජනවාරි 01, 2016

    2016 වසර සියලූ යහපත් අරමුණු ජයගන්නා ජයග්‍රහණයේ වසරක් වේවා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නව අවුරුදු සුභ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

     

    අග්‍රාමාත්‍යතුමාගේ සුභ පැතුම් පණිවිඩය -

    “2016 වසර එළඹෙනුයේ ජනතා අපේක්ෂා ජයග්‍රහණය කරමින්, ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරගැනීමේ, සදාචාරසම්පන්න සමාජ වටපිටාවකට පිවිසීමේ පුළුල් අවස්ථාවක් ශ්‍රී ලංකා සමාජය හමුවේ විවර කරමිනි. පීඩනයේ සහ මර්දනයේ හැඟීමෙන් තොරව නිදහස් අවකාශයක සිට නව වසර පිළිගන්නට ලැබීම අප සැම ලැබූ ජයග්‍රහණයකි.

     

    අද අප හමුවේ ඇත්තේ නව දේශපාලන සංස්කෘතියකි. වාර්ගික - ආගමික - පාක්ෂික භේද පසෙක ලා දේශයේ දියුණුව වෙනුවෙන් ඇප කැප වී කටයුතු කළ යුතු අවධියකි. මානව ගරුත්වය සුරකින, තිරසර සංවර්ධිත දේශයක් ලෙස අප රට නැවත ප්‍රතිනිර්මාණය කිරීමේ වගකීම නව වසරේ අප හමුවේ ඇති විශාලතම අභියෝගයයි.

     

    එළඹෙන නව වසරේ ආර්ථිකමය, සමාජමය සහ දේශපාලනමය වශයෙන් සුරක්ෂිත වූ රටක් ගොඩනැංවීම අපගේ ඒකායන අරමුණ වන අතර, ඒ සඳහා වත්මන් රජය සමඟ උරෙනුර ගැටී කටයුතු කිරීමට සමස්ත ප්‍රගතිශීලී ජනතාව එක්වනු ඇතැයි මම විශ්වාස කරමි.

     

    2016 වසර සියලූ යහපත් අරමුණු ජයගන්නා ජයග්‍රහණයේ වසරක් වේවා යි ප්‍රාර්ථනය කරමි. “

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya