නියෝජ්‍ය අමාත්‍යවරයා අද (15) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ,රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ වැයශීර්ෂයේ විවාදයේ අඳහස් දක්වමිනි.
මේ අයවැය රටට අලුත් දෙයක්. එදා අයවැය පුද්ගලීකරණය වී තිබුණා. අද අයවැය ප්‍රජාතන්ත්‍රීකරණය වී තිබෙනවා. බැංකු ආරක්ෂා කරන්න නම් දේශපාලනීකරණයෙන් මුදවා ගන්න අවශ්‍යයි.
අද අලාභ තියෙන ආයතන වෙනුවෙන් ගෙවන්න වී තිබෙන්නේ මේ රටේ මහජනතාවටයි.මේක නතර කරන්නේ කොහොමද?
බැංකුවේ තැම්පතු ආරක්ෂා කරන්න වෙනවා. බැංකුවේ ප්‍රාග්ධනය අරක්ෂා කරන්න අවශ්‍යයි. පුද්ගලික අංශයේ බැංකු නියාමනය කිරීම පමණයි රජයට තියෙන්නේ, පාලනය කිරීමට නොවෙයි. එදා ඒවා පාලනය කළා. අද ඒ තත්ත්වය ඉවරයි.
බැංකු රටකට සීමා වූ කර්මන්තයක් නොවේ,ජාත්‍යන්තර කර්මාන්තයක්.ජාත්‍යන්තර නීති රීති බැංකුවලට අදාළ වෙනවා.
මේ අයාතන පුද්ගලීකරණය කරනවා නොවෙයි, ඒකබද්ධ කිරීමයි අවශ්‍ය ශක්තිමත් ආයතන සමඟ.වැඩවර්ජනවලට යන එක අවසාන පියවර වෙන්න ඕන. සාකච්ඡාව මූලික පියවර විය යුතුයි. අයවැය අවසන් වීමට පෙර වෘත්තීය සමිති මෙවැනි පියවරක් ගැනීම කණගාටුදායකයි යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය