නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පහත්බිම් ප්‍රදේශ විනාශ කිරීමට කිසිම අඳහසක් නෑ- අමාත්‍ය පාඨලී චම්පික රණවක

    දෙසැම්බර් 15, 2015

    කොළඹ නගරයේ උෂ්ණත්වය අංශක පහකින් පමණ පාලනය වී තිබෙන්නේ මේ පහත් බිම් ප්‍රදේශ නිසා බවත් පහත්බිම් ප්‍රදේශ විනාශ කිරීමට කිසිම අඳහසක් නොමැති බවත් මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රනවක මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, ස්ථාවර නියෝග 23(2) යටතේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර
    දිසානායක මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

     

    වේරැස් ගඟ වැසි ජල අපවහන ව්‍යාපෘතිය යටතේ අසාධාරණ ලෙස ඉඩම් පවරාගැනීම හේතුවෙන් පීඩාවට පත්ව සිටින පවුල් 2000කට
    වඩි ජනතවකගේ ගැටලුකාරී තත්ත්වය පිළිබඳව මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා සභවේ අවධානයට යොමු කළේ ය.

     


    කොළඹ හා තදාසන්න ප්‍රදේශවල සිදුවන නගරීකරණය සහ සැලසුමකින් තොරව සිදු කරන ඉඩම් ගොඩකිරීම නිසා ඉතාම සුළු
    වර්ෂාවකින් පවා ගංවතුර තත්ත්වයක් බවට පත් වී තිබෙනවා. ගංවතුර පාලනය කිරීම සඳහා වේරැස් ගඟ වැසි ජල අපවාහන සහ පරිසරය වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර තිබෙනවා. මෙමඟින් පවතින ඇල මාර්ග ජාලය පුළුල් කිරීමද,ඇල ඉවුරු ආරක්ෂාව,ගං වතුර ආරක්ෂා කරමින් ජලාශ ඉදිකිරීමද,දැනට පවතින බෝක්කු හ පාලම් වැඩි දියුණු කිරීමද, නව පාලම් හා බෝක්කු ඉදිකිරීමට සිදු කරනු ලැබේ.

     

    දීර්ඝ කාලයක් පුරා අස්වැද්දීමට නොහැකි වූ පැපිළියාන පහත් බිම් ප්‍රදේශයේ පුරන් කුඹුරු අක්කර 20කට ආසන්න ප්‍රමාණයක් නැවත
    අස්වැද්දීමට කටයුතු කිරීමද පිල්ලෑව ආසන්නයේ කුඹුරු අක්කර 37ක ප්‍රමාණයක් ද නිසි පරිදි ඇලවේළි සකස් කර සාර්ථක අස්වැද්දීමකට හා දේශීය වී වර්ග හඳුන්වා දී ස්වාභාවික පොහොර භාවිත කිරීමත් සිදු කර තිබෙනවා.

     

    කොළඹ දිස්ත්‍රික්කයේ සියයට 30%ක් පහත් බිම් ප්‍රදේශයි. ඒ වගුරු බිම් පසුගිය දසක තුනක පමණ කාලය තුළ සියයට 50%ක
    ප්‍රමාණයකින් හානියට පත්ව තිබෙනවා.ඒ නිසා වගුරුවලින් සිදුවන පාරිසරික ඇගයීම් නිසියාකාරයෙන් ඇගයීමට ලක්කර
    තිබෙනවා.කොළඹ නගරයේ උෂ්ණත්වය අංශක පහකින් පමණ පාලනය වී තිබෙන්නේ මේ පහත් බිම් ප්‍රදේශ නිසයි.පහත්බිම් ප්‍රදේශ
    විනාශ කරන්න,අපේ කිසිම අඳහසක් නෑ.

     

    මේ පිළිබඳව කර තිබෙන නූතන සමීක්ෂණ අනුව ආසන්නයේ සෑම හෙක්ටයාර එකකින් ම අසන්න රුපියල් මිලියන 05ක පමණ
    පාරිසරික ප්‍රතිධානයක්,වායු පිරිසිදු කිරීමෙන්,ජලය පිරිසිදු කිරීමෙන්,ජෛව විවිධත්වයට ඉඩකඩ ලබාදීමෙන් සිදු කෙරෙනවා.එය
    වැඩි දියුණු කිරීම වේරැස් ගඟ ව්‍යාපෘතියේ අරමුණ බවද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya