අමාත්‍යවරය අද (09) පාර්ලිමේන්තුවේ දී අයවැය කරකසභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් මේ බව පැවසී ය.
ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය,වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය යන අමාත්‍යාංශවලට අදාළ වැය ශීර්ෂ අද පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි.
අභ්‍යන්තර ජලාශවල මසුන් ඇතිකිරීමට පියවර ගත යුතු වෙනවා. ඒ සඳහා අභිජනන මධ්‍යස්ථාන වැඩිදියුණු කිරීමට කටයුතු
කරනවා.ඉස්සන් වගාව ඉහළ නැංවීමට, දෙගුණයක් කරන්න කටයුතු කරනවා. අලුතින් ඉරණමඩු ප්‍රදේශයේ මිලියන 400ක
අභිජනන ව්‍යාපෘතියක් ආරම්භ කළා. වරායවල් හයක් 2016 වසරේදී ආරම්භ කරන්නත් කටයුතු කරනවා. උතුරු පළාතේ වරායවල්
කීපයක් හදන්න බලාපොරොත්තු වෙනවා.
උතුරේ ප්‍රදේශවලට වැඩි අවධානයක් යොමු කරනවා. තව වසර හතරක් තුළ අපේ මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනය දෙගුණ කිරීමට
හැකි වෙනවා.ඒ සඳහා පැහැදිළි වැඩපිළිවෙලක් තිබෙනවා.
රටේ ම ධීවර ජනතාවගේ ආර්ථිකය නැංවීමට රජය පියවර ගන්නවා. රටේ මත්ස්‍ය නිෂ්පාදනය වැඩි කිරීමට පියවර ගන්නවා.යුරෝපා මත්ස්‍ය තහනම් නිසා ටූනා මසුන් රට යැවීම අහිමි වුණා.ඉදිරි මාස තුන ඇතුළත මේ සම්බන්ධයෙන් යහපත් ප්‍රතිඵලයක් ලැබෙවී. යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කර ගැනීමට කටයුතු කිරීම පිළිබඳව ජනාධිපතිතුමාට සහ අගමැතිතුමාට ස්තූතිවන්ත වෙනවා.
යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් වුනාට පසුව ඉදිරි කටයුතු සඳහා සූදානම් විය යුතුයි.ඒ සඳහා අපට වැඩපිළිවෙළක් තිබෙනවා.විදේශ රටවලින් මසුන් ආනයනය කිරීම කරනවා. වාර්ෂිකව විශල මුදලක් වැය කරනවා. අපේ මත්ස්‍ය අපනයනය වැඩි කිරීමට උත්සහ කරනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය