මහවැලි සංවර්ධන අමාත්‍යවරයා ලෙස අද පෙරවරුවේ මහවැලි අධිකාරිය වෙත ගිය ජනාධිපතිතුමා එහි කටයුතු සොයා බැලූ අතර අනතුරුව ප‍්‍රගති සමාලෝචන රැස්වීමට එක් විය.
ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහනට සමගාමීව මහවැලි බල ප‍්‍රදේශවල 2016 ඉලක්ක සපුරා ගැනීම පිළිබදව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කෙරිණි.
මහවැලි ගොවි බිම්වල සංවර්ධන කටයුතු ඉදිරියේදී තමා වෙන වෙනම සොයා බලන බව පැවසු ජනාධිපතිතුමා ලබන ජනවාරි මාසයේ සිට වෙන් වෙන් වශයෙන් එහි නිරික්ෂණ චාරිකාවල නිරතවීමට අපේක්ෂා කරන බවද පැවසීය.
මහවැලි අධිකාරි බල ප‍්‍රදේශවල සියලූම ඉඩම් ගැටලූ හදුනාගෙන ඉඩම් හිමිකම් බලපත‍්‍ර ලබාදීම පිළිබදවද මෙහිදී සාකච්ඡාවට ලක් විය.
මහවැලි ඛ කලාපයට අයත් වැලිඔය සංවර්ධන ප‍්‍රදේශයේ සංවර්ධන කටයුතු කඩිනම් කිරීමටත්, මොරගහකන්ද කථ ගග සංවර්ධන යෝජනා ක‍්‍රමය යටතේ ප‍්‍රතිලාභ ලබන මහවැලි ඞී කලාපයේ මැදිරිගිරිය, බිසෝපුර නව සංවර්ධන කලාපයේ ගොවි ජනතාව පදිංචි කරවීමේ කටයුතු 2016 වසරේදී ආරම්භ කිරීමටත් අවධානය යොමු කෙරිණි.
මහවැලි, පරිසර හා වන සංරක්ෂණ අංශයේ කටයුතු විධිමත්ව සහ කාර්යක්ෂම ඉදිරියට ගෙන යමින් 2016 වර්ෂයේ ඉලක්ක සපුරා ගැනීමට නිලධාරින් කැපවිය යුතු බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.
මහවැලි බල ප‍්‍රදේශ තුළ කි‍්‍රයාත්මක කරන මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන මෙන්ම වකුගඩු රෝග නිවාරණ වැඩසටහනේ ප‍්‍රගතිය පිළිබදව ජනාධිපතිතුමා කරුණු විමසා බැලීය.
ප‍්‍රදේශයේ පාසල් පද්ධතිය තුළ පවතින ගැටලූ හදුනාගෙන ඒවාට කඩිනම් විසදුම් ලබාදීමට උපදෙස් දුන් ජනාධිපතිතුමා එම ජනතාවගේ සෞඛ්‍ය, මහාමාර්ග, සනීපාරක්ෂක ඇතුථ යටිතල පහසුකම් ඉහළ නැංවීම වෙනුවෙන් කි‍්‍රයාත්මක වැඩපිළිවෙළේ ප‍්‍රගතියද සොයා බැලීය.
මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න, මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් අනුර දිසානායක යන මහත්වරුන් ඇතුථ ජ්‍යෙෂ්ඨ නිළධාරිහු මීට එක්ව සිටියහ.