නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිවිල් ගුවන් සේවා ක්ෂේත්‍රයේ ප්‍රතිපත්තිමය තීන්දු රාශියක් ගැනීමට තිබෙනවා-අමත්‍ය නිමල් සිරිපාල ද සිල්වා

    දෙසැම්බර් 09, 2015

    සිවිල් ගුවන් සේවා ක්ෂේත්‍රය වඩා ශක්තිමත් කිරීම සඳහා ප්‍රතිපත්තිමය තීන්දු රාශියක් ගැනීමට තිබෙන බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යා නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කරයි.


    අමාත්‍යවරයා අද (09) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, අයවැය 2016 කරකසභා අවස්ථාවේ විවාදයට එක්වෙමිනි.

     

    ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය,වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය යන අමාත්‍යාංශවලට අදාළ වැය ශීර්ෂ අද පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනේ.

     


    කොන්දොස්තර ලෙස බදවා ගත් අය ඩෙපෝ පරීක්ෂක වැඩේ කරනවා.මේක තමයි අපේ ආණ්ඩු දෙකේම ලංගමයට වී තිබෙන දෙය.ඊපීඑෆ් සහ ඊටීඑෆ් ගැටලුව විසඳුමට සාධරණ විසඳුමක් ලබදී නෑ.ඒ පිළිබඳව අපි කවුරුත් වැඩපිළිවෙලක් අරගෙන නෑ.මෙවැනි දෙයක් තමයි මට ලබදුන්නේ.ඒ කාරණා පිළිබඳ අවධානයක් නෑ.සේවක අයිතිවාසිකම් පිළිබඳව අවධානයක් නෑ.අද බරපතල ප්‍රශ්නයකට මුහුණ දෙන්නට සිදුව තිබෙනවා.

     

    මේ ප්‍රශ්නය විසදීමට මම යම් යම් පියවර අරගෙන තිබෙනවා.විවිධ අංශ සමඟ සාකච්ඡා කරනවා.මිලියන 14,500ක් හොයා ගන්න එක එච්චර ලේසි නෑ. බස්වලින් එන සල්ලිවලින් ලංගමයේ පඬි ටිකවත් ගෙවන්න විදියක් නෑ.හැම මාසයකම බිලියන එක ගානේ ආණ්ඩුවෙන් දීලා තිබෙනවා. මට්ටක්කුලිය ඉඩම විකුණන්නේ නෑ.ඊපීඑෆ් සහ ඊටීඑෆ් ගෙවීම සඳහා අපි ක්‍රමවේදයක් සකසමින් යනවා.ලංගම ඵලදයිතාවය වැඩි කිරීම සඳහා කටයුතු කරගෙන යනවා.

     


    දුම්රිය දෙපාර්තමේන්තුව 2015 ආදායම් වැඩි වී තිබෙනවා.නමුත් අපිට ප්‍රශ්න රාශියක් තිබෙනවා.එංජින් සහ දුම් රිය පෙට්ටි ප්‍රමාණය මදි.ප්‍රංශයෙන් ගත්ත එංජින් කොට උඩ තියෙන්නේ.ඒ නිසා අපිට එංජින් සහ දුම්රිය පෙට්ටි අවශ්‍ය වී තිබෙනවා.උතුරු දුම්රිය මර්ගය සෑදීමේ දී යම් යම් අඩුපාඩු සිදු වී තිබෙනවා.ඒ පිළිබඳව විශේෂ පරීක්ෂණ කමිටුවක් දාලා, අපි එහි ගෙවීම් නතර කර තිබෙනවා.

     

    දැනටමත් ත්‍රිකුණාමලයේ සිට ගල් අඟුරු ප්‍රවාහනය කරන්නේ ට්‍රක් රථ මඟින්.මම ඒක පරික්ෂා කර බැලුවා. මම සීත කමරවල
    සිටින ඇමැතිවරයෙක් නොවෙයි.ඒ සඳහා වෙනම දුම් රියක් එන මාසයේ සිට ගල් අඟුරු ඇදීමට ලබාදුන්නා.දුම් රියට වැඩි
    ආදායමක් ලැබෙනවා.


    දුම් රිය රියදුරන් උසස් පෙළින් ගන්න රාජ්‍ය සේවා කොමිෂන් එකට ලිව්වා. කවුරුත් බඳවා ගෙන තිබුණේ නෑ.රියදුරන්ට
    එන්.ඩී.ටී. ඉල්ලලා තිබුණා.මේවා දෙස බලන්න ඕන යථාර්තවාදී ලෙසයි.

    දුම් රිය ස්ථානාධිපතිවරු 300ක් අඩුව තිබුණා.වසර ගණනාවක් විභාගය තියලා නෑ.අපි විභාගය පවත්වලා, මේ මාසයේ 15 වෙනිදා මේ 300ටම පත්වීම් දෙනවා.දුම් රිය දෙපාර්තමේන්තුවේ අඩු පඩු විසදීමට සඳහා විශාල වැඩකටයුතු ප්‍රමාණයක් මේ කාලයේ ඉටු කර තිබෙනවා.

     

    කැළණි වැලි දුම් රිය මාර්ගය පරික්ෂා කර බැලුවා. පවුල් 1668ක් ඉන්නවා,අනවසරෙන් පදිංචි පවුල්.මේ අයට විකල්ප ස්ථානයක් ලබා දී තමයි,මේ දුම් රිය මාර්ගය දීර්ග කරන්නේ.මාර්ගය කෙළින් නොකර වේගය ගන්න පුළුවන් කමක් නෑ.ඒ සඳහා ඊට විශේෂ ව්‍යාපෘතියක් ගේන්න වෙනවා.


    කටුනායක ගුවන්තොටුපල සඳහා දැවැන්ත සංවර්ධනයක් අපි සිදු කරනවා.දෙවැනි මඟී පර්යන්තය ඉදිකිරීම සඳහා ජපන් රජයෙන් ලබාගන්නා ලද සහනදායි ණය ආධාර ක්‍රමය යටතේ අපි කටයුතු කරගෙන යනවා. ලබන සැප්තැම්බර් මාසය වනවිට ඒ කටයුතු ආරම්භ කිරීමට කටයුතු කරනවා.

     

    ගුවන් පථය නවීකරණය කිරීමට අවශ්‍ය වී තිබෙනවා.ඒ සඳහා වැඩපිළිවෙළ ඉදිරියට කරගෙන යනවා.දෙවැනි ගුවන් පථයක් අවශ්‍යයි.ඒ සඳහා සුදුසු ස්ථානය ජනතාවට අවම හානියක් වන ලෙස තෝරා ගැනීමේ තාක්ෂණික වැඩපිළිවෙලක අපි යෙදී සිටිනවා.

     

    මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපලට බිලියන 2.5ක් ගෙවන්න ඕන ණය මුදල.506ක් රැකියාවට දාල තියෙනවා.දෙවැනි ගුවන් තොටුපලක් වශයෙන් ඕනෑම ගුවන් යානයක් බැස්සවීමට අවකශ ලබදෙන්න ඕන. මේ ගුවන්තොටුපලින් මීට වඩ ගුවන් යානා නඩත්තු කිරීම, පියාසර පසල් ඇතිකිරීමට, වැනි වෙනත් කාර්යයන් සමඟ ජෙට් යාන ගෙන්වීම වැනි විවිධ කර්යයන් සඳහා මේ ගුවන්තොටුපල පාවිච්චි කිරීම සඳහා කබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙනවා.

     


    මඟී ආරක්ෂාව සඳහා අනතුරු අවම කිරීම සඳහා පාර්ලිමේන්තු කමිටු වාර්තාවේ කරුණු අනුව අවශ්‍ය වැඩකටයුතු කිරීම සඳහා අධිකාරියක් බවට මර්ග ආරක්ෂණ අංශ පත් කරලා,ඉදිරි කාලයේ ඒ පිළිබඳව දැවැන්ත වැඩපිළිවෙලක් ගෙනියනවා.

     

    සිවිල් ගුවන් සේවා ක්ෂේත්‍රය වඩාත් ශක්තිමත් කිරීම සඳහා මුදල් ලැබී තිබෙනවා.පුත්තලම, දිගන සහ බදුල්ල ස්ථනවල අභ්‍යන්තර ගුවන්තොටුපල හදන්න, මඩකළපුව ගුවන්තොටුපල සකස් කිරීම සඳහා විශේෂ අවධානයක් යොමුකර ඒ කටයුත්ත කරගෙන යනවා.රත්මලාන ගුවන්තොටුපල මීට වඩ අදායම් ලබන වඩ සේවයක් ලබාදිය හැකි ගුවන්තොටුපලක් බවට පත් කිරීමේ කාර්යයේ නිරත වී සිටිනවා.සිවිල් ගුවන් සේවා ක්ෂේත්‍රයේ ප්‍රතිපත්තිමය තීන්දු රාශියක් ගන්න තිබෙනවා. සිවිල් ගුවන් සේවා ක්ෂේත්‍රය වඩා ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙලක් සිදු කළ යුතුයි යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya