මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආසියාවේ හොඳම පාර්ලිමේන්තුව ලබා දුන්නේ ජේ.ආර්. ජයවර්ධන හිටපු ජනධිපතිතුමායි-අග්‍රමත්‍ය රනිල් වික්‍රමසිංහ

    දෙසැම්බර් 08, 2015

    ආසියාවේ හොඳම පාර්ලිමේන්තුව ලබා දුන්නේ ජේ.ආර්. ජයවර්ධන හිටපු ජනධිපතිතුමායි. ජේ.ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිතුමත් ප්‍රේමදාස හිටපු ජනාධිපතිතුමාත් හොරකම් කළේ නැතැයි අග්‍රමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ය.


    අග්‍රාමාත්‍යවරයා අද (08) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ , පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරාධ මහතා කළ ප්‍රකාශයකට පිළිතුරු ලබාදෙමිනි.

     

    පක්ෂවලට කාලය බෙදා දී තිබෙනවා.තමන්ගේ වේලාව සන්ධානයෙන් ඉල්ලා ගන්න.අපි කියලා තියෙන්නේ පක්ෂ නයකයින්ට මුණ ගැහිලා බෙදලා දෙන්න කියලයි.

    තමන්ගේ ජනධිපතිවරයා වක්‍රව විවේචනය කරන්න එපා. මම මහින්ද රාජපක්ෂ මැතිතුමා ආශ්‍රය කර තිබෙනවා. දියවන්නාව හැදුවේ ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා.මේ ගොඩනැගිල්ල හදලා,ආසියාවේ හොඳම පාර්ලිමේන්තුව දුන්නේ එතුමයි.එතුමා ශතයක් හොරකම් කළේ නෑ.අක්කර 50ක් දුන්නා මල්වත්ත විහරයට. හොරකම් කළ මිනිස්සු නොවෙයි.ප්‍රේමදාස ජනාධිපතිතුමා හොරකම් කළේ නෑ. ඔහොම කතා කරන්න එපා.නායකයින්ට ඔහොම කතා කරන්න එපා.ගම්පහ දියුණු කළේ මමයි.ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාට සහ ප්‍රේමදාස ජනාධිපතිතුමට පිංසිද්ධ වෙන්න ගම්පහ ප්‍රධාන දිස්ත්‍රික්කයක් බවට පත් වී තිබෙනවා යැයි ද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya