නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපේ අධිකරණය ලෝකයේ කිසිදු රටකට නොදෙවෙනි ආකාරයට ස්වාධීන අධිකරණයක් බවට පත් වී තිබෙනවා

    දෙසැම්බර් 04, 2015

    අපේ අධිකරණය ලෝකයේ කිසිදු රටකට නොදෙවෙනි ආකාරයට ස්වාධීන අධිකරණයක් බවට පත් කර තිබෙන බව අධිකරණ සහ බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.


    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (04 ) පාර්ලිමේන්තුවේ දී අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේ අඳහස් දක්වමිනි.
    ආරක්ෂක අමාත්‍යාංශය,අධිකරණ අමාත්‍යාංශය, නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන යන අමාත්‍යාංශ වල වැයශීර්ෂ අද
    පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැණිනි.

    එල්.ටී.ටී.ඊ සැකකරුවන් හා චූදිතයන් 216 ක් සිටියා, ඉන් 39ක් බරපතල ගනයේ නොවන 39ක් ඇප දුන්නා. සම්පූර්ණයෙන් නිදහස්
    කළේ නෑ.ජාතික අරක්ෂව ගැන සැක සංකා තබාගත යුතු නෑ. ආණ්ඩුව හැටියට වගකීම බාර ගන්නවා.මහාධිකරණ කොමසාරිස්වරයකු පත් කිරීම ගැන විවේචනය කළා. මෙම පත් කිරීම දේශපාලන පත් කිරීමක් නොවේ.


    අද දිනයේ සතුටු විය හැකියි මීට පෙර පැවැති විවාද වල අධිකරණයට එල්ල වූ චෝදනා අද ඉදිරිපත් නොවීම. අධිකරණය ස්වාධීන නෑ කියා කවුරුත් ප්‍රකශ කළේ නෑ.අපි අද අධිකරණය ලෝකයේ කිසිදු රටකට නොදෙවෙනි ආකාරයට ස්වාධීන අධිකරණයක් බවට පත් කර තිබෙනවා.නඩු හබවල ප්‍රමාදය කාලයක් සාකච්ඡ කළා.සමථකරණය තුළ සුවිශේෂී ජයග්‍රහනයක් අත්කරගෙන තිබෙනවා.

    නීතිය පිළිබඳ උපදෙස් ලබාදෙන්නේ නීතිපති දෙපාර්තමේන්තුවයි.මෙය ගෞරවනීය දෙපාර්තමේන්තුවක්.අඩු පහසුකම් හා අඩු වැටුප් යටතේ සේවයක් කරනවා. දේශපාලන හා පෞද්ගලික පටු අරමුණු ඇතිව පහර දීම නීතියේ ආධිපත්‍යය
    බිදදැමීමක්, කුහක ක්‍රියාවක්. වරදක් වී නම් එය නිවැරදි කිරීමට සූදානම් බවද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya