මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රහසිගත කඳවුරු මේ රටේ ක්‍රියාත්මක වන්නේ නැහැ-විදේශ කටයුතු අමාත්‍ය

    දෙසැම්බර් 03, 2015

    රහසිගත කඳවුරු මේ රටේ ක්‍රියාත්මක වන්නේ නැහැ.නමුත් ඔබ සතුව ඒ සම්බන්ධයෙන් තොරතුරු තිබෙන්නේ නම් අපට ලබාදෙන්න. එසේ වුවහොත් ඒ ගැන නිදහස් විමර්ශනයක් කරනවා යැයි විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි.

    අමාත්‍යවරයා අද (03) පාර්ලිමේන්තුවේ දී අමාත්‍යාංශ ප්‍රකාශයක් කරමින් මේ බව ප්‍රකාශ කළේ ය.


    අපේ ගමන මේ පටන් ගත්තා විතරයි. මේ මිනිසුන් ගොඩක් පීඩාවට පත්ව ඇති බව අප පිළිගන්නවා. ජනාධිපති හා අගමැති නායකත්වය
    යටතේ අපි කැමැතියි සියලු දේට මුහුණ දෙමින් ගැටලු විසඳීමට. රටේ යුක්තිය ඇති කිරීමට සහ ප්‍රතිසංධානය ඇති කිරීමට.


    රජය කැපවෙලා සිටිනවා එම රැඳවියන්ගේ ගැටලුව සම්බන්ධයෙනුත් පිළිතුරක් සෙවීමටත්. අගමැතිතුමා විපක්ෂ නායකතුමා සමඟ
    සාකච්ඡා පැවැත්වූවා 48 කගෙන් 39 ක් නිදහස් කර තිබෙනවා. මා සතු තොරතුරු අනුව කිහිපදෙනකු දඬුවම්වලට යටත්ව සිටිනවා.
    ඔවුන්ගේ නඩු තවමත් උසාවිවල අසමින් පවතිනවා. තුන්දෙනකුට එරෙහිව නඩු ගොනු කර තිබෙනවා. එක පුද්ගලයකු පුනරුත්ථාපනය
    කිරීමට නියමිතයි. ඒවාගේම මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පෙන්වා දුන්නා 1971 දි සහ 1981 දි දකුණේ ඇති වූ කලබල තත්ත්වය සහ
    ඉන්දියානු ශ්‍රී ලංකා එකඟතාවන් අනුව සිරගත කර සිටින පුද්ගලයන් සහ චෝදනාවලට ලක් වූ අයට නඩු පැවරූ බව. ඔබත් ඉන්
    එක්කෙනෙක්. ඔවුන්ට පොදු සමාව ලබාදී තිබෙනවා. ඔවුන්ට පොදු සමාව ලබාදීම ගැන ජනාධිපති, අගමැති තදින්ම අවධානය යොමු කර
    තිබෙනවා.

     

    රැඳවියන්ගේ ගැටලුව සම්බන්ධයෙන් පාසල් දරුවකුගේ ජීවිතය නැති වීම කනගාටුදායකයි. ජාති භේද, ආගමික ගැටලුවකින් තොරව මේ
    ප්‍රශ්නයට විසඳුම් සෙවිය යුතුයි. සාමය ඇති කළොත් යුද්ධයෙන් වන හානිය නැති කර ගත හැකියි. ජාතිය බෙදී තිබූ ගැටලුවලට පිළිතුරු
    සොයමින් තිබෙනවා. රහසිගතව රඳවා ඇති කඳවුරු ගැනත් ඇමැතිතුමා අසා තිබෙනවා. රහසිගත කඳවුරු මේ රටේ ක්‍රියාත්මක
    වන්නේ නැහැ. අගමැතිතුමාත් මීට පෙර මේ බව ප්‍රකාශ කර තිබෙනවා. නමුත් ඔබ සතුව ඒ සම්බන්ධයෙන් තොරතුරු තිබෙන්නේ
    නම් අපට ලබාදෙන්න. එසේ වුවහොත් ඒ ගැන නිදහස් විමර්ශනයක් කරනවා. අපට ඒ තොරතුරු ලැබුණොත් රජයට හැකි වෙනවා ඒ ගැන සොයා බැලීමට. ඒ සඳහා නීතිමය පියවර ගන්නවා.

     

    2013 එක්සත් ජාතීන්ගේ කණ්ඩායමට ආරාධනා කර තිබුණ මේ රටට ඒමට. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ලිපියක් මඟින් දැනුම් දී තිබුණා මේ කණ්ඩායම ලංකාවට එන එකට විරුධද්වයක් නොමැති බව. ඔවුන් පැමිණියා. අපේ රටට එරෙහිව නැඟුණු චෝදනා අප දන්නවා.මේ කණ්ඩායම ලංකාවට පැමිණි පසු අප ඔවුන් හමු වී කිසිදු දෙයක් හංගන්නට නොමැති බව ප්‍රකාශ කළා.

     

    යුද්ධය කාලයේ අපේ ආරක්ෂක නිලධාරින් ගත් උත්සාහය අපි දන්නවා. ඔවුන්ගේ ඒ කැපවීම නිසා තමයි අද අපේ රටේ සාමය උදා වී තිබෙන්නේ. ඔවුන් පිළිබඳව එල්ල වන චෝදනා ඉවත් කිරීමට කටයුතු කිරීම තමයි රජයේ යුතුකම. එක්සත් ජාතීන්ගේ කාර්යාලය හෝ තානාපති කාර්යාල ඉදිරියට ගොස් වාඩි වී සිට මේ දේවල් කරන්නට බැහැ. මේ කණ්ඩායම නාවික හමුදා කඳවුරට ගිය විට අපේ සභා ගැබේම මන්ත්‍රීවරු පෙන්වා දෙන්න උත්සාහ කළා, රටෙන් පිට හෝ රට තුළ රහස් කඳවුරු නොමැති බවට. ඒ සම්බන්ධයෙන් ඒ කණ්ඩායම ස්තුති කර තිබුණා. ඒ තුළින් එම වින්දිතයන්ගේ පවුල්, ජාත්‍යන්තරය හා ජනතාව තුළ විශ්වාසයක් ගොඩනැඟෙනවා, මෙරට ආරක්ෂක අංශ වගකීමෙන් කටයුතු කරන පිරිසක් විදියට.

     

    ගැසට් කරන නීති අනුගමනය කළ යුතු බව රජය පිළිගන්නවා. මීට කලින් තිබූ සංස්කෘතියක් නැවත නිර්මාණය වන්නේ නැහැ. ඇතැම් අය ලිංගික හිංසනයන්ට ලක්ව තිබුණා. එවැනි කිසිදු හිංසනයකට රජය ඉඩ තබන්නේ නැහැ කියන එක අවධාරණය කරනවා. අතුරුදන් වූවන්ගේ පවුල්වල උදවියට කිසිදු හිංසනයක් වීමට ඉඩ තබන්නේ නැහැ. එම කමිටුවෙන් මා විමසා සිටියා හිංසා කළ පොලිස් නිලධාරින්ගේ නම් ලැයිස්තුව. අක්කර 47,000 ක පමණ ඉඩම් මුදා හැර තිබෙනවා. යාපනය, කිලිනොච්චිය ඒ ආකාරයට ඉඩම් මුදා හැර තිබෙනවා. මුලතිව් වල අක්කර 2800 ගණනක් සහ අම්පාර, මන්නාරම. මේ වසරේ මාර්තුවල මානික්කම්වල අක්කර 1000ක්, අක්කර 2037 න් ත්‍රිකුණාමලයේත් මේ විදියට ලබාදී තිබෙනවා. මෙවැනි ආකාරයට විශාල ඉඩම් ප්‍රමාණයක් නිදහස් කිරීමට අවශ්‍ය කැබිනට් පත්‍රිකාවක් හදමින් තිබෙනවා. මේ ඉඩම් ලබාදීම අවශ්‍ය වේගයට පසුගිය කාලයේ සිදු වුණේ නැහැ. නමුත් අපේ රජය මේ විදියට නැවතත් ජනතාවට ඉඩම් ලබාදීමට කටයුතු කරමින් සිටිනවා. ජාතික කාර්යන් සඳහා අවශ්‍ය අත්‍යවශ්‍ය ඉඩම් ආරක්ෂක අමාත්‍යාංශය යටතේ තබාගෙන සෙසු ඉඩම් ජනතාවට පවරා දීමට සහතික වන බව අප ප්‍රකාශ කරනවා.

     

    මෙහිදී රජයක් විදියට අභියෝග රැසකට මුහුණ දෙනවා.රට අලුත් මාවතකට යොමුව ඇති බව  අමතක වෙලා. අතීතයේ වැරදි අප හඳුනා ගත යුතුයි. දුර්වලතා හඳුනාගනිමින් අභියෝගවලට මුහුණ දීමට පියවර ගත යුතුයි. පටු දේශපාලන මතවාදය වෙනුවට ස්වාධිපත්‍ය වැනි ක්‍රමයන් හඳුන්වා දිය යුතුයි. ජාත්‍යන්තර ප්‍රජාවගෙන් සහාය අවශ්‍ය තැන්වලදී සහාය ලබා ගනිමින් අප කටයුතු කරනවා. කිසිදු අවස්ථාවකදී ශ්‍රී ලංකාවේ යුක්තිය, ප්‍රතිසන්ධානය ඇති වන්නේ නැහැ කියා අභියෝග කරනවා. අතීතයේ පැවැති කඩවුණු පොරොන්දු තුළින් අපව විනිශ්චය කරන්න එපා. 

    අපේ අරමුණු හා බලාපොරොත්තු අතීතයේ පැවැති මතවාදවලින් අභියෝගයට ලක්වන්නේ නැහැ. එකිනෙකාට ඇඟිල්ල දික් කරනවා
    වෙනුවට අනාගතය වෙනුවෙන් ගැටලු විසඳාගෙන ඉදිරියට යාමට අප පියවර ගත යුතුයි. ප්‍රතිසන්ධානය ඇති කිරීම දේශපාලනඥයින්ට
    පමණක් කළ හැකි දෙයක් නොවේ. ඒ සඳහා පුරවැසියන්ගේ සහායත් අවශ්‍යයයි. මේ රට ඉදිරියට ගෙන යාමට හොඳ දැක්මක්
    ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට තිබෙනවායැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya