මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උපාධිධාරීන් සඳහා රැකියා ලබාදීමට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරමින් සිටිනවා

    දෙසැම්බර් 03, 2015

    අභියාචන ඉදිරිපත් කළ වසර 2012 වසරේ උපාධිධාරීන් සඳහා රැකියා ලබාදීමට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරමින් සිටින බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පවසයි.

    රාජ්‍ය අමාත්‍යවරයා අද (03) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකශ කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා රැකියා විරහිත උපාධිධාරීන් පිළිබඳ ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.


    අග්‍රාමාත්‍යතුමා රැකියා දශ ලක්ෂය හරහා වැඩසටහනක් මේ සඳහා ප්‍රමුඛ කටයුත්තක් ලෙස ප්‍රකාශ කර තිබෙනවා. උසස් ආදයම් ලබනආදයම් ඉහළ නංවන රැකියා උත්පාදනයට බලාපොරොත්තු වෙනවා. අයවැය තුළින් මේ සඳහා අඬිතාලමක් දමා තිබෙනවා.

    මේ අයවැයේ දී එදා සිදු වූ වැරදි නිවැරදි කරනවා. අග්‍රාමාත්‍යතුමා ඒ සියල්ල සඳහා සැලැස්මක් ඉදිරිපත් කළා.

     

    අපි දැනටමත් අභියාචන ඉදිරිපත් කළ 2012 වසරේ උපාධිධාරීන්ට සම්මුඛ පරීක්ෂණ සිදු කර රැකියා ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya