මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පල්ලේකැලේ සහ කොළඹ රජයේ සේවකයින් වෙනුවෙන් නිවාස ව්‍යාපෘතියක්

    දෙසැම්බර් 01, 2015
    රජයේ සේවකයන් වෙනුවෙන් නුවර දිස්ත්‍රික්කයේ, පල්ලේකැලේ  නිවාස 10,000ක ව්‍යාපෘතියක් ලබන වසරේ මුල දී ආරම්භ කරන බවත් කොළඹ නගරයේ නිවාස 10,000ක ව්‍යාපෘතියක් ද රජයේ සේවකයින් වෙනුවෙන් ආරම්භ කරන්නට දැනටසැලසුම් කරගෙන යන බවත් රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.
    අමාත්‍යවරයා අද (01) පාර්ලිමේන්තුවේ දී විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදයේ අඳහස් දක්වමින් මේ බව පැවසී ය.
    අද ජාතික රජයක අයවැයක් ඉදිරිපත් කළ වෙලාවක්. අධ්‍යාපනයට සෞඛ්‍යයට විශාල මුදලක් වෙන් කරලා. අලුත් ගමනක් යන්න කෘෂිකර්ම ක්ෂේත්‍රයට, අධ්‍යාපනයට වැඩි මුදලක් වෙන් කරල සංවර්ධන ගමනක් යන්නයි අයවැය ඉදිරිපත් කර තිබෙන්නේ.
    අපේ ජාතික ආණ්ඩුව පිහිටුවනකම් අවුරුදු ගණන තුළ කෘෂි කර්ම හා ග්‍රාමීය ක්ෂේත්‍රයට විශාල පසුබෑමක් වුණා.රාජ්‍ය ආයෝජන සඳහා විශාල පිම්මක් ගොස් තිබෙනවා.මෙවර රාජ්‍ය ආයෝජනය දෙගුණයක් කර තිබෙනවා.රාජ්‍ය සේවකයා වෙනුවෙන් වැඩිම මුදල් වෙන් කළ අයවැය මෙයයි.කෝටි 13,000ක් රුපියල් 10,000ක වැටුප් වැඩි කිරීමට ගිහින් තිබෙනවා.
    ගොවියා ශක්තිමත් කරන්න,ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කරන්න,මේ අයවැය විශාල ගමනක් යනවා. රටට බරක් වෙන රටට ආදායමක් නැති ගුවන්තොටුපලවල්, වරායවල් හදලා, සම්මන්ත්‍රණශාලා හදලා. මේ අයවැයෙන් වැඩිම මුදලක් වැය කරන්නේ අධ්‍යාපනයට සහ සෞඛ්‍යයටයි. විශ්‍රාම වැටුපේ විෂමතාව නැති කරන්න විතරක්,බිලියන 40ක් පසුගිය කෙටි කාලය තුළ වෙන් කළා.අද ඉන්න රජයේ සේවකයන්ගේ විශ්‍රාම වැටුප නැති කරන්නේ නෑ. අපි දායක විශ්‍රාම වැටුපක් ගේන්නේ.
    රජයේ සේවකය වෙනුවෙන් නිවාස 50,000ක් හදන්න යනවා.අපි ආරම්භ කරනවා,ලබන වසරේ මුල දී නුවර දිස්ත්‍රික්කයේ පල්ලේකැලේ නිවාස 10000ක ව්‍යාපෘතියක් රජයේ සේවකයන් වෙනුවෙන්.කොළඹ නගරයේ රජයේ සේවකයින් වෙනුවෙන් නිවාස 10,000ක ව්‍යාපෘතියක් ආරම්භ කරන්නට දැනට සැලසුම් කරගෙන යනවායැයි අමාත්‍යවරයා විවාදයේ අඳහස් දක්වමින් පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya