මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෞඛ්‍යයට විශාල මුදලක් වෙන් කර තිබෙනවා-සෞඛ්‍ය අමාත්‍ය

    දෙසැම්බර් 01, 2015

    සෞඛ්‍යයට විශාල මුදලක් වෙන් කර තිබෙනවා.නල්ලූර්වල ,මහනුවර සහ මාතර පිළිකා රෝහල් තුනක් හදන්නට මිලියන 3000ක් වෙන් කර තිබෙනවා.හෙදියන් 2000ක් වසරකට පුහුණු කරන්නට හෙඳ විශ්වවිද්‍යාලයක් හදන්නට රුපියල් මිලියන 2500ක් වෙන් කර තිබෙනවා යැයි සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

    අමාත්‍යවරයා අද (01) පාර්ලිමේන්තුවේ දී විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදයේ අඳහස් දක්වමින් මේ බව පැවසී ය.


    2004 සිට 2014 බැලුවොත් සෞඛ්‍ය සහ අධ්‍යාපනයට වෙන් කළ මුදල් පසුගිය රජය අඩු කර තිබෙනවා.මුළු කලාපයේ ම අඩුම මුදල අපේ රටට වෙන්කර තිබෙන්නේ.කියපු විදියට ආර්ථික වර්ධයනයක් තිබුණානම් මේ තරම් දිළිදුභාවයක්,ආර්ථිකයේ අසමානතාවයක්,මේවා තියෙන්න විදියක් නෑ.පුද්ගලික අංශයේ ආයෝජන දියුණුවක් තිබුණේ නෑ.

     

    දින 100 ආණ්ඩුව ඇවිල්ලා,කඩාවැටුණු ආර්ථිකය දිළින්දන්න්ට සහන ලබාදෙන්නට මුදල් අමාත්‍යතුමා ගෙනා යෝජනාව, රජයේ සේවකයන්ට රුපියල් 10,000ක වැටුප් වැඩිවීමක් කළා.ඒ සඳහ බිලියන එකසිය තිහක් වියදම් කළා.ඉතිහාසයේ කිසිම රජයක් නෑ මෙවැනි වැඩි කිරීමක් කරලා.විශ්‍රාමිකයන්ගේ විෂමතාව ඉවත් කරන්නට රුපියල් 8000ක් දක්වා පඬි වැඩිවීමක් ඇති වුණා. ඒ සඳහා කෝටි 2000ක් වැය කළා. සමෘද්ධි සහනාධාරය දෙගුණ කළා. පොෂණ මල්ලක් දුන්නා. පෙට්ට්‍රල් , භූමිතෙල් මිල අඩුකළා.ඒ ටිකට විතරක් මිලියන 45,000ක්.ගෑස් සිලින්ඩරය රුපියල් 300කින් අඩු වුණා.ඊට පස්සේ රුපියල් 100කින් අඩු කළා.දැන් 150කින් අඩු කරලා.


    බීජ රෝපනයට රජයේ ඉඩම් ලබාදෙනවා.කෘෂි කර්ම යන්ත්‍රෝපකරණ ආනනයන බද්දෙන් නිදහස් කර තිබෙනවා.ගබඩා පහසුකම් ඇතිකර තිබෙනවා.බාලපොහොර නවත්වන්න කියලා විශාල උද්ඝෝෂණයක් කළා.අද ඒ මුදල දෙනවා.ගිය ආණ්ඩුවෙන් වෙන් කළේ මිලියන 35,000යි.මෙවර වවුචල් සඳහා මිලියන 37,500ක් වෙන් කර තිබෙනවා.මේක කොහොමද කියන්නේ ගොවීන්ට අහිතකරයි කියලා.

    කෘෂි කර්ම සහ ධීවර අපනයන කලාප පිහිටුවීමට කටයුතු කර තිබෙනවා.එළවළු, පළතුරු ගොවීන්ට ඉඩම් ලබාදීමට කටයුතු කර තිබෙනවා.ඒ ගොවීන් වෙනුවෙන් සීතාගාර පහක් හදන්න මිලියන 2000ක මුදලක් වෙන් කර තිබෙනවා.නොසලකා හැරිය පාසල් 1300ක් ආරක්ෂා කිරීමට අයවැයෙන් කටයුතු කර තිබෙනවා. පාසල්වල විද්‍යාගාර හැදීමට මිලියන 4000ක් වෙන් කර තිබෙනවා.ඉගෙන ගැනීම අනිවාර්යයි.එය නිදහස් අධ්‍යාපනයේ ඓතිහාසික තීන්දුවක්.

    විශ්වවිද්‍යාල සිසුන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනයට සියයට 30%කින් වැඩි කර තිබෙනවා. වසර 2018 වනවිට සියලුම සරසවි සිසුන්ට නේවාසිකාගාර පහසුකම් තිබෙනවා.මෙය ඓතිහාසික තීන්දුවක් දුප්පත් දෙමව්පියන්ගේ දරුවන්ට ලැබුණු අවස්ථාවක්. මහපොළ විශ්වවිද්‍යාලය මාලඹේ ආරම්භ කරනවා.කිළිනොච්චියට විද්‍යාපීඨයක් හදනවා.වව්නියවට කෘෂිකර්ම විද්‍යා පීඨයක් හදනවා.

    පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කරනවා නම් මේ රටේ Z ස්කෝර් එකේන් සමත් වූ හොඳම ළමයි සියයට 10%කට නොමිලේ අධ්‍යාපනය ලබාදිය යුතුයි.මේවා ධනපති යෝජනා ද?සෞඛ්‍යයට විශාල මුදලක් වෙන් කර තිබෙනවා.වකුගඩු රෝගය සඳහා ඩයලිසීස් මධ්‍යස්ථාන 1000ක් සඳහා මුදල් වෙන් කර තිබෙනවා.නල්ලූර්වල සහ මහනුවර, මාතර පිළිකා රෝහල් තුනක් හදන්නට මිලියන 3000ක් වෙන් කර තිබෙනවා.හෙදියන් 2000ක් වසරකට පුහුණු කරන්නට හෙඳ විශ්වවිද්‍යාලයක් හදන්නට රුපියල් මිලියන 2500ක් වෙන් කර තිබෙනවා. මෙය මැතිවරණ ප්‍රකාශයේ එක පොරොන්දුවක්.


    අපි සංවාදයෙන් යන්නේ.කොළපාට දැන් පරිවර්තනය වෙලා.අද කොළපාට ආණ්ඩුවෙන් තමයි සියලු සහන දෙන්නේ.අග්‍රහාර රක්ෂණය විශ්‍රාම කාල පරිච්ජේදයටත් අග්‍රහාර රක්ෂණය දීර්ග කරන්න කියලා මම ඉල්ලා සිටිනවා.මෙය ස්වර්ණමය අයවැය කතාවක් යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya