මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තරුණ පිරිස් ව්‍යවසායකයන් ලෙස සංචාරක වැඩපිළිවෙලට සම්බන්ධ කරගැනීම යුගයේ අවශ්‍යතාවක්

    නොවැම්බර් 26, 2015

    තරුණ පිරිස් ව්‍යවසායකයන් ලෙස සංචාරක වැඩපිළිවෙලට සම්බන්ධ කරගැනීම යුගයේ අවශ්‍යතාවක් බවත් රට දියුණු කරන්න තිබෙන ප්‍රධාන ව්‍යාපාරයක් වන්නේ සංචාරක ව්‍යාපාරය බවත් සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසයි.

    නියෝජ්‍ය අමාත්‍යවරයා අද (26) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, විසර්ජන පනත් කෙටුම්පත 2016 දෙවැනි වර කියවීමේ විවාදයේ අඳහස් දක්වමිනි

    සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම සංචාරක කාර්යංශයක් ඇතිකිරීම වැදගත්. එමඟින් සංචාරකයන්ට තොරතුරු ලබාගැනීම පහසු වෙනවා.තරුණ පිරිස් ව්‍යවසායකයන් ලෙස සංචාරක වැඩපිළිවෙලට සම්බන්ධ කරගැනීම යුගයේ අවශ්‍යතාවක්.සංචාරක පාසල් උපාධියක් ලබාදෙන මට්ටමට දියුණු කිරීම වැදගත්.

    ලෝකයේ රටවල් අතරින් තල් මසුන්නැරඹිය හැකි හොඳම රට ශ්‍රී ලංකාවයි. ඩොල්ෆින් නැරඹිය හැකි රටත් ශ්‍රී ලංකාවයි. දින හතක් ඇතුළත නැවුම් අත් දැකීම් අටක් ලබාගත හැකි එකම රට ශ්‍රී ලංකාවයි. සංචාරක ව්‍යාපාරයට පාට පක්ෂ භේද නැතිව දියුණු කරන්න හැකි
    කර්මානතයක්.

    ලෝකයේ ප්‍රධාන රටවල් 07ක් සංචාරක ව්‍යාපාරය සිදු කරනවා. එයට තවත් රටවල්වලට ප්‍රවර්ධනය කටයුතු කරගෙන යාමට බලාපොරොත්තු වෙනව. මේ රට දියුණු කරන්න තිබෙන ප්‍රධාන ව්‍යාපාරයක් වන්නේ සංචාරක ව්‍යාපාරයයි යැයි ද නියෝජ්‍ය
    අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya