මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගෝලීය ආර්ථිකයට ගැළපෙන ආකාරයට ආර්ථිකය සකස් කළේ නැත්නම් ඉදිරියට යා නොහැකියි

    නොවැම්බර් 26, 2015

    ආණ්ඩු මාරු වුණත් ප්‍රතිපත්ති වෙනස් නොවන ක්‍රමයක් සකස් කර ගන්න අවශ්‍ය බවත් ගෝලීය ආර්ථිකයට ගැළපෙන ආකාරයට ආර්ථිකය සකස් කළේ නැත්නම් ඉදිරියට යා නොහැකි බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.


    අමාත්‍යවරයා අද (26) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, විසර්ජන පනත් කෙටුම්පත 2016 දෙවැනි වර කියවීමේ විවාදයේ අඳහස් දක්වමිනි.

     

    අපට තනිවම ලෝකයේ ආර්ථික ප්‍රවණතා එක්ක තනි තීන්දු ගන්න බෑ. ප්‍රධාන ලෙස ගෝලීය තත්ත්වයෙන් වෙනස්ව ජීවත් වන්න බෑ. ගෝලීය තත්ත්වය සමඟ කටයුතු කරන්න මොන ආණ්ඩු ආවත් මොන පක්ෂ ආවත් සම්මුති ආණ්ඩු තිබුණත් තනි ආණ්ඩු තිබුණත්
    ගෝලීය ආර්ථිකය සමඟ ගැළපෙන ආකාරයට ආර්ථිකය සකස් කළේ නැත්නම් ඉදිරියට යන්න බෑ.

     

    රාජ්‍ය ආදායම අඩුවෙනකොට ඉල්ලන පහසුකම් දෙන්න පුළුවන්කමක් නෑ.යටිතල පහසුකම්, සුබසාධනය වැඩිකරන්න නම් රාජ්‍ය ආදායම වැඩිකරන්න ඕන.රාජ්‍ය ආදායම වැඩි කරගැනීමේ දී ලෝක ප්‍රවණතා ගැනත් අවධානය යොමු කරන්න ඕන.

     

    ලෝකයේ ඉහළ ආදායම් ලබන රටවල් තම ආර්ථිකය ශක්තිමත් කරන්න,විශාල වෙනසක් කරනවා.කඩිනම් ආර්ථිකයක් බවට පත්කර ගැනීම සහ ඔවුන්ගේ අපනයන ආර්ථිකය ප්‍රසාරණය කර තිබෙනවා.ලෝකයේ මේ හැප්පීම් එක්ක අපිට මුහුණ දීමට සිදු වී තිබෙනවා.

     

    මේ අයවැයේ හොඳ පැත්ත කතා කරන්න ඉගෙනගන්න ඕන.නරක විවේචනය කළාට කිසිම ගැටළුවක් නෑ.සෘජු විදේශ ආයෝජන සඳහා අලුතින් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා.

     

    ලෝකයේ විවිධ රටවල් ආයෝජනය සඳහා ආකර්ෂණීය දේවල් හඳුන්වා දී තිබෙනවා.සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්ත කරන අයට ණය ලබාදෙනවා. ආණ්ඩු මාර වුණත් ප්‍රතිපත්ති වෙනස් නොවන ක්‍රමයක් සකස් කර ගන්න අවශ්‍යයි.එසේ නැතිනම් අනාගතයේ විශාල
    අර්බුදයකට යන්න වෙනවා.

     

    ලෝකයේ විවිධ රටවල් ආයෝජනය සඳහා ආකර්ෂණීය දේවල් හඳුන්වා දී තිබෙනවා.සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්ත කරන අයට ණය ලබාදෙනවා. ආණ්ඩු මාරු වුණත් ප්‍රතිපත්ති වෙනස් නොවන ක්‍රමයක් සකස් කර ගන්න අවශ්‍යයි.එසේ නැතිනම් අනාගතයේ විශාල අර්බුදයකට යන්න වෙනවා.

     

    සෑම දෙයක් ම රටට දායකවන ක්‍රමයට ආ යුතුයි. මේ රට ඉදිරියට ගෙන යන ශක්තිමත් ආර්ථිකයක් මේ රටට ගොඩනගන්නයි බලාපොරොත්තුව තිබෙන්නේ. මූලික වශයෙන් රාජ්‍ය ආදායම වැඩිකර ගැනීම සඳහා ඉදිරි කාලය තුළ ක්‍රියාත්මක විය යුතු යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya