මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රැකියා දශ ලක්ෂයක් සැපයීමේ සැළසුම අපගේ තරුණ ප්‍රජාව සඳහා වැදගත් ඉදිරි පියවරක්

    නොවැම්බර් 26, 2015

    රැකියා දශ ලක්ෂයක් සැපයීම සඳහා වන සැළසුම අපගේ තරුණ ප්‍රජාව සඳහා වැදගත් ඉදිරි පියවරක් බව කර්මාන්ත සහ වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා ප්‍රකාශ කරයි.


    අමාත්‍යවරයා අද (26) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, විසර්ජන පනත් කෙටුම්පත 2016 දෙවැනි වර කියවීමේ විවාදයේ අඳහස් දක්වමිනි.

    මෙම ක්‍රියාමාර්ග මඟින් අපගේ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට තරුණයන් වඩාත් සමීපව සම්බන්ධ කරගැනීමට මඟ පෑදෙනවා.එසේ වුවත් අපගේ වර්තමාන සැළසුම් වඩාත් ඵලදායි කරගැනීම සඳහා මේ සම්බන්ධයෙන් ඉතා වැදගත් කරුණක් අවධානය යොමුකරමි.

     

    අපගේ තරුණ ප්‍රජාව වඩ වඩාත් සේවා ක්ෂේත්‍රයේ රැකියා සඳහා ආකර්ෂණය වෙමින් සිටින අතර ඔවුන්ගේ අධ්‍යාපනය හා පුහුණුව ද කර්මාන්ත ක්ෂේත්‍රයට වඩා සේවා අංශය සහ සේවා විශිෂ්ඨත්වය වෙත වඩාත් යොමුව පැවතීම එක් වැදගත් නැඹුරුවක්.

     

    අපගේ අධ්‍යාපන අංශයට වඩ වඩාත් කර්මාන්ත පුහුණුව අන්තර්ගත කිරීමට ද පවතින රැකියා පුහුණු වැඩසටහන් තවත් බොහෝ විෂයන් වෙත පුළුල් කිරීමට ද කාලය එළඹ තිබෙනවා.

     

    ජාතික සංවර්ධනය වැඩිදියුණු කරන සහ අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ ඇතිකරන, එපමණක් නොව අග්‍රාමාත්‍යතුමාගේ ආර්ථික ප්‍රතිපත්ති රාමුවට ද සහාය දක්වන, ප්‍රගතිශීලි, ව්‍යාපාර, අලෙවි සහ ආයෝජන ඉලක්ක කරගත් අයවැයක් එළිදැක්වීම අගය කරන බව ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya