මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෝල්ටා ගුවන් තොටුපළට පැමිණි ශ‍්‍රී ලංකා ජනාධිපතිවරයා හරසරින් පිළිගැනේ

    නොවැම්බර් 27, 2015

    පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුඑවට සහභාගී වීම සදහා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ පස්වරුවේ (26) මෝල්ටා රාජ්‍යය වෙත ළගාවිය.

    මෝල්ටා රාජ්‍යයේ සහ පොදු රාජ්‍ය මණ්ඩලයීය ජ්‍යෙෂ්ඨ නිළධාරීන් විසින් මෝල්ටා ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී ජනාධිපතිතුමා පිළිගනු ලැබිණි.

     

    හෙට (27) ආරම්භ වන පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා පොදු රාජ්‍ය මණ්ඩලයීය සභාපති ධූරය මෝල්ටා අගමැති ජෝෂප් මස්කට් (න්‍දිැචය පමිජ්එ* මහතා වෙත බාරදීමට නියමිතය.

     

    මේ අතර අද (26) පැවති පොදු රාජ්‍ය මණඩලයීය විදේශ අමාත්‍යවරුන්ගේ හමුව සදහා විදේශ අමාත්‍ය මංගල සමරවීම මහතා සහභාගී වූ අතර දක්ෂිණ සංවර්ධන සහ නීතිය හා සාමය පිළිබද අමාත්‍ය සාගල රත්නායක මහතා එහි පැවති ආර්ථික සමුඑවට සහභාගී විය.

     

    පොදු රාජ්‍ය මණ්ඩලයීය කුඩා රටවල් සදහා වෙළෙද හා මූල්‍ය පහසුකම් සැපයීමට පොදු රාජ්‍ය මණ්ඩලයීය අරමුදලක් පිහිටුවන බවට මෝල්ටා මුදල් අමාත්‍ය එඞ්වර්ඞ් සීක්ලූනා (Edward Scicluna) මහතා එහිදී ප‍්‍රකාශ කළේය. මෙම අරමුදල ආරම්භ කිරීම සදහා ශ‍්‍රී ලංකාව, ඉන්දියාව, මුරුසිය හා මෝල්ටාව එක්ව සිටී.

     

    2013 වසරේ කොළඹ දී පැවැත්වූ පොදු රාජ්‍ය මණඩලයීය රාජ්‍ය නායක සමුඑවේදීී නිකුත් කෙරුණු ”කෝට්ෙටි ප‍්‍රකාශනයෙන්” කරන ලද යෝජනාව පරිදි මෙම පියවර ගත් බව එඞ්වර්ඞ් සීක්ලූනා (Edward Scicluna) මහතා සදහන් කළේය.

     

    වෙළෙදාමේ ගලායාම ප‍්‍රවර්ධනය කිරීමට ප‍්‍රායෝගික පියවර ගැනීමට මෙම ප‍්‍රකාශනයෙන් යෝජනා කොට තිබු අතර පොදු රාජ්‍ය මණඩලයේ කුඩා රාජ්‍යයන් වෙළෙද ක්ෂේත‍්‍රයේදී මුහුණපාන ගැටඑ මැඩපැවැත්වීම මෙයින් අපේක්ෂා කරයි.

     

    මේ අතර පොදු රාජ්‍ය මණඩලයේ නව මහලේකම්වරයා ලෙස පත්කර ගත යුත්තේ කවරෙක්ද යන්න පිළිබදව සමුඑවට එක්වන සියඑදෙනාගේ අවධානය යොමු වී තිබේ.

     

    අද (27) ආරම්භ වන පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුඑව ලබන 29 වැනිදා දක්වා පැවැත්වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya