මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිල ඇදුම් වවුචරය ඉතාම ආරක්ෂකාරී ක්‍රමයක් - අතරමැදියන්ට මුදල් යෑම සම්පූර්ණයෙන් ම ඇනහිටිනවා -අධ්‍යාපන අමාත්‍ය

    නොවැම්බර් 26, 2015

    නිල ඇදුම් වවුචරයෙන් වෙනත් ඇදුම් ගන්න බෑ.ඉතාම ආරක්ෂකාරී ක්‍රමයක් අනුගමනය කරමින් දියුණු රටවල් ක්‍රියාත්මක කරන ක්‍රමවේදයක්.අතරමැදියන්ට මුදල් යෑම සම්පූර්ණයෙන් ම ඇණහිටිනවා යැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි

    අමාත්‍යවරයා අද (26) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, විසර්ජන පනත් කෙටුම්පත 2016 දෙවැනි වර කියවීමේ විවාදයේ අඳහස් දක්වමිනි.

    අයවැයේ අධ්‍යාපනයට වෙන්කළ මුදල ගැටලුවක් කරගෙන තිබෙනවා. මේ ඔක්කෝම අධ්‍යයනය කර කියන ප්‍රකාශ නොවේ. ජාත්‍යන්තර ගිණුම්කරණ ප්‍රතිපත්ති අනුව ඒ ගණනය කිරීම් සිදු කර තිබෙනවා.දුප්පත් ජනතාව ගැන සිතා අයවැය ඉදිරිපත් කර තිබෙනවා. බඩු මිල අඩු කිරීමට අයවැයෙන් කටයුතු කර තිබෙනවා.

    අධ්‍යාපනයට වැඩි මුදලක් අයවැයෙන් වෙන් කර තිබෙනවා. 2016 අධ්‍යාපනයේ ප්‍රාග්ධන වියදම රු.බිලියන 62.3ක් නව යෝජනා ලෙස බිලියන 82ක්. සියල්ල බිලියන 144.3ක් වෙනවා.මෙවැනි ප්‍රාග්ධන මුදලක් අධ්‍යාපනයට වෙන් කළ අයවැයක් ඉතිහාසයේ නෑ.එය නිසි ලෙස කළමනාකරණය කිරීමේ වගකීම අපට තිබෙනවා.

    අපි සොයා බැලුවා, නිල ඇදුම් තොග අතර බාල වර්ගයේ රෙදි තිබුණා.මේ ඇදුම් ප්‍රමිතියෙන් තොරයි.මේ පිළිබඳව සොයා බලා මෙම වවුචරය ගේන්න කටයුතු කළේ.

    වවුචරයෙන් වෙනත් ඇදුම් ගන්න බෑ.කඩ හිමියන්ට පුළුවන්, කලාප කාර්යාලයේ ලියාපදිංචි වන්න.මින් රෙදි කඩ ව්‍යාපාරිකයන්ට වාසියක් ලැබෙනවා.ඉතාම ආරක්ෂකාරී ක්‍රමයක් අනුගමනය කරමින් දියුණු රටවල් ක්‍රියාත්මක කරන ක්‍රමවේදයක්.අතරමැදියන්ට මුදල් යෑමසම්පූර්ණයෙන් ම ඇනහිටිනවා.දූෂණයක් කරන්න බෑ.පරිපාලන වියදම් අඩුයි. ප්‍රවාහන වියදම් අඩුයි.

    එක්සත් ජාතික පක්ෂයයි නිල ඇදුම් ලබාදීම ආරම්භ කළේ. එය ආරක්ෂ කරන්න අවශ්‍ය යැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya