අමාත්‍යවරයා අද (26) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, විසර්ජන පනත් කෙටුම්පත 2016 දෙවැනි වර කියවීමේ විවාදයේ අඳහස් දක්වමිනි.
ණය, බදු දඬ විතරක් තිබෙන අයවැයක් ලෙස මේ අයවැය විවේචනය කර තිබුණා.ණය, බදු, දඬ හැර ඉදිරිපත් කළ අයවැයක් ලෝකයේ තිබෙන රටක් කියන්න.ප්‍රධාන ප්‍රශ්නය වන්නේ රජය ලබන ආදායම වියදම් කරන ආකාරය,වගකීමක් ඇතිව කටයුතු කරන්නේ ද යන
කාරණය.
වෛරයට,ඊෂ්‍යාවට මුල්තැන දීලා කටයුතු කර න්න බෑ.සෑම ආණ්ඩුවක් ම උත්සහ කළා,ආර්ථිකය දියුණු කරන්න.තම තම නිර්ණායක අනුව අඩුපාඩු සොයාදීමේ යුතුකමක් තිබෙනවා.
ඉදිරිපත් කළ අයවැයේ අඩුපාඩු තිබෙනවානම් පෙන්වා දෙන්න පුළුවන්.ඒවා නිවැරදි කරන්න ආණ්ඩුවක් විදියට සූදානම්.අයවැයේ ප්‍රධාන ලක්ෂණය වන්නේ, බදු නොවන ආදායම තු ගුණයක් බවට පත් කරන්න.අලුතින් යන රටකට එය සාධණීය තත්ත්වයක්.මේ අයවැයේ කෙටි කාලීන හා දිගු කාලීන ආයෝජන සඳහා මුල් කරගෙන තිබෙනවා.
අධ්‍යාපනය හා සෞඛ්‍ය වෙනුවෙන් විශාල මුදලක් වෙන් කර තිබෙනවා.අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට 2015 රුපියල් බිලියන 98ක් යටිතල පහසුකම් වෙනුවෙන් බිලියන 419ක් වෙන්කර තිබුණා. 2016 වසරේ අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට බිලියන 216ක් හා යටිතල
පහසුකම් වෙනුවෙන් බිලියන 658ක් ලෙස බිලියන 874 වෙන් කර තිබෙනවා.
සුබ සාධන කටයුතු මේ අයවැයෙන් අඩු කිරීමක් සිදු කර නෑ.බොහෝ චෝදනා කරනවා,කිසිදු සාධකයකින් තොරව.මධ්‍යම පන්තියට බදු සහන සියයට 70%කින් ලබාදී තිබෙනවා.ආර්ථික දියුණුවට නව තාක්ෂණය මුසු වූ කර්මාන්ත රටේ සංවර්ධනයට අවශ්‍යයි.බදු ලිහිල් කිරීම තුළ නව තාක්ෂණය සමඟ ආර්ථිකය සංවර්ධනය කිරීමට අවස්ථාව සැලසෙනවා.මූල්‍ය සමාගම් සළමනාකරණය කිරීම ඉතාම වැදගත්.
විශ්වවිද්‍යාල පෞද්ගලික කරණයට සැලැස්මක් නෑ.පෞද්ගලික විශ්වවිද්‍යාල රට තුළ අත්‍යාවශ්‍ය බව පිළිගන්න ඕන.ඉන් රටට විශාල ආදායමක් ලැබෙනවා.
දේශීය ආර්ථිකයක් ගොඩනගන්න මේ අයවැය ඉදිරිපත් කර තිබෙන්නේ යැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.