ශ්රී ලංකා නිතීඥ සංගමය සංවිධානය කොට තිබූ මෙම උපහාර උත්සවය අමතා ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමා, අගවිනිසුරු කේ.ශ්රී පවන්, නීතිපති වයි.ජේ.ඩබ්ලිව්. විජයතිලක, නීතිඥ සංගමයේ සභාපති ජෙෆ්රි අලගරත්නම් යන මහත්වරු කතා කළහ.
ශ්රී ලංකාභිමාණී විනිසුරු සී.ජී. වීරමන්ත්රි මහතාගේ ගෞරවනීය සේවය අගයනු වස් ශ්රි ලංකා නීතිඥ සංගමය විසින් පිරිනැමූ සමරු තිළිණය ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමා අතින් වීරමන්ත්රි විනිසුරුතුමා වෙත පිළිගැන්විණි.