මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දරුවන්ගේ අනාගතය ඉදිරියට ගෙන යෑමට අධ්‍යාපනයට අයවැයෙන් ප්‍රමුඛතාව ලබාදී තිබෙනවා

    නොවැම්බර් 26, 2015

    දරුවන්ගේ අනාගතය ඉදිරියට ගෙන යෑමට විශ්වවිද්‍යාල අධ්‍යාපනය, ප්‍රාථමික,ද්විතීයික අධ්‍යාපනය සඳහා විශාල මුදලක් වෙන්කර තිබෙන බවත් අයවැයෙන් ප්‍රමුඛතාව ලබාදී තිබෙන්නේ මේ රටේ අධ්‍යාපනයට බවත් ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පි. හැරිසන් මහතා ප්‍රකාශ කරයි.

    අමාත්‍යවරයා අද (26) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, විසර්ජන පනත් කෙටුම්පත 2016 දෙවැනි වර කියවීමේ විවාදයේ අඳහස් දක්වමිනි.

    රටේ වැසිකිළි නොමැති පාසල් තිබෙනවා. එය කණගාටුවට කරුණක්. මෙය ශෝචනීය තත්ත්වයක්. මේ සඳහා මිලියන 4000ක් වෙන් කර තිබෙනවා. සියලු පාසල්වලය වැසිකිළි පහසුකම් ලබාදෙන්නට කටයුතු කර තිබෙනවා.

    වතුකරයේ ජනතාවගේ අධ්‍යාපනය නැංවීමට පසුගිය රජයන් කුඩම්මාගේ සැළකිලි ලැබුණේ.වතු පාසල් 25ක් ද්විතීයික මට්ටමට ගෙන ඒමට වැඩපිළිවෙලක් මෙවර අයවැයේ තිබෙනවා.පාසල් පොත්,සඟරා බදු ඉවත් කර ගෙන්වා ගැනීමට ඉඩ සළසා තිබෙනවා.ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ මඟපෙන්වීමෙන්න් විශ්වවිද්‍යාල සිසුන්ට විශාල මුදලක් වෙන් කර තිබෙනවා.විශ්වවිද්‍යාල නේවාසිකාගාර පහසුකම් ආදී ප්‍රශ්න විසඳුමට ප්‍රමුඛතාව ලබාදී තිබෙනවා.

    විශ්වවිද්‍යාල අධ්‍යාපනය, ප්‍රාථමික,ද්විතීයික අධ්‍යාපනය සඳහා විශාල මුදලක් වෙන්කර තිබෙනවා, දරුවන්ගේ අනාගතය ඉදිරියට ගෙනි යන්න.මේ අයවැයෙන් ප්‍රමුඛතාව ලබාදී තිබෙන්නේ මේ රටේ අධ්‍යාපනයටයි.

    රජයේ රෝහල්වලට පහසුකම් සැලසීම, සෞඛ්‍ය ක්ෂේත්‍රයට විශාල මුදලක් මේ අයවැයෙන් වෙන්කර තිබෙනවා. මින්නේරියේ අලුත් වකුගඩු රෝහල් ඉදිකෙරෙනවා. ශ්‍රී ජයවර්ධනපුර රෝහල ඇතුළු රෝහල් රැසක් නවීකරණය වෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya