මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යහපත් දේශයක්,ස්වර්ණමය සංවර්ධන යුගයක් නිර්මාණය කිරීමට අඬිතාලම දැමූ අයවැයක්

    නොවැම්බර් 26, 2015

    යහපත් දේශයක්,ස්වර්ණමය සංවර්ධන යුගයක් නිර්මාණය කිරීම උදෙසා අඬිතාලම දැමීමක් හැටියට මෙම අයවැය හැදින්විය හැකි බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    අමාත්‍යවරයා අද (26) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, විසර්ජන පනත් කෙටුම්පත 2016 දෙවැනි වර කියවීමේ විවාදයේ අඳහස් දක්වමිනි.

    රටේ ජාතික සම්පත එක් එක් ඛාණ්ඩවලට වෙන් කරලා,සංවර්ධනයේ නාමයෙන් විවිධ වැඩකොටස් ක්‍රියාත්මක වුණා.රාජ්‍ය වියදම සකස් කිරීමේ ප්‍රමුඛතාව සිදුවුණේ,ජනතාවගේ අවශ්‍යතාවන් මත නොවේ.ඒවා තීන්දු කළේ,නායකත්වයට සමීප ගජමිතුරන් කීපදෙනෙකුගේ පුද්ගලික අවශ්‍යතා වෙනුවෙන්.

    ජනතාව අපේක්ෂා කළේ,රටේ සමාජ සංවර්ධන ඉලක්ක සම්පූර්ණ කරන යුගයක්.ඒවා පසෙකලා පුද්ගලික අපේක්ෂාවන් ඉටුකරගන්නා ආකාරය අපි හැමදෙනාම අවබෝධකරගත්තා.

    රටක් සතු සීමිත සම්පත් වියදම් කිරීමේ දී ප්‍රතිපාදන පාවිච්චි කිරීමේ දී අප වගබලා ගත යුතුයි,කාර්යක්ෂමව,ක්‍රමවත්ව,කාර්යශූරව,රටේ පොදු ජනතවට වැඩි වැඩියෙන් සහන ලැබෙන ආකාරයට රටක සම්පත් වියදම් කිරීම.එහෙත් පැහැදිළිවම පසුගිය කාලයේ රාජ්‍ය දේපළ භාවිත කළේ,රාජ්‍ය සම්පත් වියදම් කළේ,ගජ මිතුරු කල්ලියක් සුරක්ෂිත කිරීමටයි.

     

    පසුගිය කාලයේ රාජ්‍ය නායකයින් ආරම්භ කළේ,ඵලක් නැති ඵලදායිදවක් නැති මෙගා ව්‍යාපෘති.ජාතික දේපළ අමු අමුවේ මහදවල් හොරා කෑම,ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම,ඉහළම ප්‍රමුඛතාව බවට පත් වී තිබුණා.

     

    ගරාවැටුණු දේශයක් යළි ගොඩනගන්නට අපේ මාතෘභූමිය නව පුනර්ජීවයකට ලක් කර සංවර්ධනයේ අරුණළු පොදු මනුෂ්‍යයාගේ දෙපතුළ අසළට ළඟා කර දීමේ වෑයම තමයි අපේ මේ අයවැය වැඩසටහනේ මුඛ්‍ය අරමුණ වන්නේ.මේ රටේ ජනතාවගේ ජීවත්වීමේ අයිතිය, ආර්ථික අයිතිය, සමාජ අයිතිය, දේශපාලන අයිතිය අප ලබාදී තිබෙනවා.


    පුංචි මිනිසාගේ බඩකට පුරවන්නයි භාණ්ඩ මිල අඩුකළේ.එදා මන්දිරවල හිටපු අයට ජනතා හද ගැස්ම තේරුණේ නෑ. අපේ ජනපතිතුමා අගමැතිතුමා මන්දිරවල සැප විදින අය නොවේ, මහපොළොවේ පය ගහලා ජාතික ආණ්ඩුවක් ක්‍රියාත්මක කරන්නට යෙදෙන්නේ.

     

    ආර්ථික සමාජීව සුඛවිහරණය වෙනුවෙන් අප ඇපකැප වෙනවා. ගෙවල් හදන දේශයක්,රැකියා ලබාදෙන දේශයක්,සින්නක්කර ඔප්පු ලබාදෙන දේශයක්,කර්මාන්තශාලා ලබාදෙන දේශයක්, නිදහස් වෙළඳ කලාප බිහිකරන දේශයක්,මාර්ග හදන දේශයක්, පාසල්
    හදන දේශයක්,සෞඛ්‍ය නංවාලන දේශයක්, මෙම නිර්මාණශීලී වැඩසටහන ඔස්සේ අපේ මව්බිම ගොඩනගන්නට ආරාධනා කරනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya