මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අඩුපාඩු තිබෙනවා නම් ඒවා නම්‍යශීලීව, නිවැරදි කිරීමට සූදානම්-මුදල් අමාත්‍ය

    නොවැම්බර් 26, 2015

    අපේ අඩුපාඩු තිබෙනවා,නම් ඒවා නම්‍යශීලීව, නිවැරදි කිරීමට මමත් මාගේ අමත්‍යාංශයත් සූදානමින් සිටින බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසී ය.

    මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අද (26) පාර්ලිමේන්තුවේ දී අමාත්‍යාංශ ප්‍රකාශයක් සිදු කරමින් මේ බව පැවසී ය.


    2016 වර්ෂය සඳහා ශූන්‍ය පාදක අයවැය වැඩසටහනක් මේ වනවිට හදුන්වා දී තිබෙනවා. ඉන් අපේක්ෂා කරන්නේ රාජ්‍ය සම්පත් නිසි ලෙස කළමනාකරණය කරන්නයි.අප වැය කරන මුදල්වලට නිසි වටිනාකමක් ලබාගැනීමට කටයුතු කිරීම, එකම කාර්යයට දෙවරක් මුදල් යෙදවීම වැලැක්වීම, අපතය හා නාස්තිය පිටුදැකීම,ආර්ථික නොවන වියදම් නොදැරීම, මූල්‍ය පාලන කටයුතු අපේක්ෂා කරනු ලබනවා. මෙහි දෙවැනි පියවර අප 2016 සිට ආරම්භ කරනවා.එමඟින් වියදම් ආයතනවල සියලු වියදම් පිළිබඳව විමර්ශනයක් කරනවා.

     

    2015 වර්ෂයේ රජයේ සියලුම අමාත්‍යාංශවලින් අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා දරන ලද සමස්ත ප්‍රාග්ධන වියදම රුපියල් බිලියන 42.1යි.2016 වර්ෂය සඳහා යෝජිත අයවැය තුළින් ප්‍රාග්ධන වියදම් සඳහා විසර්ජන පනත් කෙටුම්පත තුළින් බිලියන 62.3ක් ද නව
    යෝජනාවලින් රුපියල් බිලියන 82ක් ද වශයෙන් සමස්තයක් ලෙස බිලියන 144.3 ක් සමස්ත ප්‍රාග්ධන වියදමක් ලෙස විශල මුදලක් වියදම් කිරීමට අවපේක්ෂාකරන බව සඳහන් කිරීමට කැමතියි.

     

    ඇතැම් අවස්ථාවට රජයේ වත්කම් වල වල වටිනකම් අඩුවෙන් ගණනය කරනවා.එයට හේතු කීපයක් තිබෙනවා.ණය ලබාගන්නා වත්කම් මිලදී ගන්නා විටදී ඉදිකිරීම් කරන විටදී පොළී රහිත මුදල් වත්කම් ලෙස එකතු වෙනවා.එහෙත් ණය මුදලට පොළිය ගෙවන්නේ
    මහාභාණ්ඩාගාරයෙන්.එම වියදම මහාභාණ්ඩාගාරයේ වියදමක් ලෙස සඳහන් වෙනවා.එය අදාළ අමාත්‍යාංශ ආයතනික වල යොමු විය යුතු ගිණුම්වල සඳහන් වන්නේ නෑ.මෙවැනි කටයුතු ගිණුම්ගත කිරීම දුෂ්කර වුවත්,එය රජයේ ගිණුම්වල යෝග්‍ය පරිදි සටහන් විය යුතුයි.


    මෙවැනි අවධානය විය යුතු බොහෝ කරුණු වුවත් මුහුණ දෙන බොහෝ ගැටළු තිබෙනවා.රජයේ අංශයේ මූල්‍ය කටයුතුවල නිරත නිලධාරීන් තමන්ගේ වෘත්තීමය තත්ත්වය නංවාලීමට ගිණුම්කරණ ආයතනයක් රජයේ අංශයේ නෑ.එබැවින් රජයේ අංශයේ මූල්‍ය කටයුතුවල නිරත නිලධාරීන්ගේ වෘත්තීමය තත්ත්වය නංවලීමට එවැනි ආයතනයක් පිහිටුවීමට මේ අයවැයෙන් මා යෝජනා කර තිබෙනවා.

     

    මූලික පදනමක් අනුව සියලු වත්කම් සහිත හැම කෙනෙක් ම තමන්ගේ වත්කම් දැනගන්නට අවශ්‍යයි.2017 වර්ෂයේ සිට යමක් වියදමක් ඉල්ලනව නම් ඇයි ඉල්ලන්නේ කියන පදනම් තුළින් කටයුතු කටයුතු කරන්න අවශ්‍ය වන්නේ.වත්කම් තිබෙනවා, එහි හරි මට්ටමට නොමැති ඒවා, හැමතැනම, වත්කම් තිබෙනවා, ඒවා රජයේ අයිතියට නැති තත්ත්වයක් තිබෙන්නේ.මේක මූලික පදනම ලෙසයි අපි කටයුතු කරන්නේ.

    අපි මෙය හංගලා නොවේ කටයුතු කරන්නේ.වෙනම ශීර්ෂයක් ලෙස දැම්මේ, අපි මෙය විවෘත කළා.අපි මෙය වෙනම ගෙනැල්ලා පෙන්වූවේ,මින් ඉදිරියට යන්න තියෙන්නේ කියලා.ණය ගන්න ගියාම,මෙය පෙන්වන්න අවශ්‍යවෙනවා,මෙහි සැබෑ වත්කමේ වටිනාකම පවිච්චි කිරීමක් කරන්න. ජනවාරි මාසයේ සිටම මුදල් වැය කරන්නම සූදානමින් සිටිනවා.

     

    මම අගය කරනව මන්ත්‍රීවරුන්ගේ විමසිලිභාවය සම්බන්ධයෙන්, අපි විවෘත කර තිබෙනවා,අපේ අඩුපාඩු තිබෙනවා නම් කරුණාකර ඉදිරිපත් කරන්න,ඒවා නමයශීලීව, නිවැරදි කිරීමට මමත් මාගේ අමත්‍යාංශයත් සූදානමින් සිටිනවා.අපේ එකම අභිලාෂය වූයේ
    හැකිතරම් විවෘත කර ලෝකය ගණනය කරන තත්ත්වයට ශ්‍රී ලංකාවේ ගිණුම්ගත කිරීමක්.ඔබගේ පූර්ණ දැනුවත් කිරීම තුළින් අනෙක් අමාත්‍යාංශවලටත් ඇතුළත් කිරීමක් කළ යුතුයි යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya