මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවට ජනපති මෝල්ටා රාජ්‍ය බලා පිටත්ව යයි

    නොවැම්බර් 26, 2015

    පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා අද (26) පෙරවරුවේ මෝල්ටා රාජ්‍ය බලා පිටත්ව ගියේය.

    කටුනායක ගුවන් තොටුපළෙන් පෙරවරු 03.30 ට එමිරේට්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ජනාධිපතිතුමා මෝල්ටා රාජ්‍ය බලා පිටත්විය.

     

    මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව හෙට (27) ආරම්භ වන අතර එය ලබන 29 වැනිදා දක්වා පැවැත් වේ.

     

    වසර දෙකක් පුරා ශ‍්‍රී ලංකාවට හිමිව තිබූ සමුළුවේ සභාපති ධූරය, ශ‍්‍රී ලංකා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් මෙවර සත්කාරකත්වය දරන මෝල්ටා අග‍්‍රාමාත්‍ය ජෝෂප් මස්කට් (Joseph Muscat) මහතා වෙත නිල වශයෙන් පිරිනැමීමට නියමිතය.

     

    එලිසබෙත් මහ රැජින ඇතුළු පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයින් රැසක් මෙවර සමුළුවට සහභාගී වීමට නියමිතව ඇත.

     

    පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම් කමලේෂ් ශර්මා මහතා විසින් පවත්වන භෝජන සංග‍්‍රහයකට සහ එලිසබෙත් මහ රැජින විසින් සංවිධානය කර තිබෙන රාත‍්‍රී භෝජන සංග‍්‍රහයකටද ජනාධිපතිතුමා හෙට (27) සහභාගී වීමට නියමිතව ඇත.

     

    අද (26) දින පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල විදේශ අමාත්‍යවරුන්ගේ සමුළුවට ශ‍්‍රී ලංකා විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා සහභාගී වීමට නියමිතව ඇති අතර ඉන් අනතුරුව පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල ආර්ථිික සමුළුව සඳහා දක්ෂිණ සංවර්ධන සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතා සහභාගී වීමට නියමිතව ඇත.

     

    ජයන්ති සිරිසේන මැතිනියද ජනාධිපතිතුමා සමග මෙම පොදු රාජ්‍ය මණ්ඩල සමුළු සංචාරයට එක්ව සිටී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya